මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන අසාමාන්‍ය සිරුරු සම්බන්ධයෙන් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙක්සිකන් මාධ්‍යවේදී ජේමී මවුසාන් (70) ට පේරු රජයෙන් චෝදනා එල්ල වී ඇත.
ජේමී මවුසාන්, මෙක්සිකෝ පාර්ලිමේන්තුව හමුවේ එම පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන සිරුරු ප්‍රදර්ශනය කරමින් කියා සිටියේ ඔහුට ඒවා 2017 වසරේ දී පේරු රටින් හමුවුණු බවය.
පේරු රජය, ජේමී මවුසාන් ට චෝදනා නගා ඇත්තේ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට ලක් වුණු එම සිරුරු පේරු රටේ සිට මෙක්සිකෝවට ගෙන යෑම සම්බන්ධයෙනි. එය නීති විරෝධී ක්‍රියාවක් බවත්, පේරු රජය ඒ සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටි බවත් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එම සිරුරු පේරු රටින් හමුවුණේ නම්, ඒවායේ අයිතිය ඇත්තේ පේරු රටට බවත්, ඒවා රහසින් මෙක්සිකෝවට ගෙන යෑම වරදක් බවත් මවුසාන් පැහැදිලි කර තිබේ.
තමන් පේරු රටේ සිට එම පොසිලකරණයට ලක් වුණු සිරුරු මෙක්සිකෝවට රැගෙන ආ හැටි හෙළි නොකරන බව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජේමී මවුසාන් පැහැදිලි කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පේරු රටින් පිටසක්වළයන් ගෙනාවට චෝදනා
පැරකුම් Wednesday, 20 September 2023 04:18 AM
මහාපරිමාණ ජාත්‍යන්තර ප්‍රෝඩාවකට ලෝකයම රැවටී ඇති හැටි... පුදුමයි නේද?