IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාරේ තිබූ බසය හොරාගෙන පෙම්වතිය බලන්න ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ බස් රථයක් සොරාගෙන පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි බාලවයස්කරු පැය තුනකට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

පිලියන්දල බස්නැවතුමෙන් ගමන් ආරම්භ කරන බස් රථ රියදුරන් සිව් දෙනකු   ලංකාව හා පකිස්තානය අතර පැවැති ආසියානු කුසලනා අවසන් ක්‍රිකට් තරගය නැරඹීමට පිළියන්දල බස් නැවතුම්පොළ වෙත පැමිණ ඇත.

ඔහුන් පැමිණි බස් රථ නැවතුම්පොලේ පසෙක ගාල් කර තරඟය නරඹන අතරතුර රාත්‍රී ආහාර ගැනීම සඳහා ඊට මදක් ඈතින් තිබෙන ස්ථානයක් වෙත ගොස් තිබූ බව පොලිසිය කියයි.

ආහාර ගැනීමෙන් අනතුරුව රියදුරන් සිව් දෙනා බස් රථ නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී එක් බස් රථයක් නොමැති බවට දැක ඒ බව එහි රියදුරා පොලීසියට පැමිණිල්ලක් කර ඇත

වහා ක්‍රියාත්මක වූ පිලියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පිලියන්දල හා අවට ප්‍රදේශය ආවරණය වන පරිදි ක්ෂණික මාර්ග බාධක දමා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කළේය.

ඒ අතරතුර ස්ථානාධිපතිවරයා ද තව නිල රථයෙන් ඔබ මොබ සංචාරය කරමින් බස් රථය පිලිබඳ සොයා බැලීමට කටයුතු කෙරිණි.

කැස්බෑව දෙස සිට රාත්‍රී 12.30 ට පමණ  පැමිණිමෙන් තිබූ බස් රථයක් කෙරෙහි බස් නැවතුමට ආසන්නව තිබූ නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව එහි ලියාපදිංචි අංකය තහවුරු කරගෙන බස් රථය නැවතීමට සංඥා කිරීමත් සමගම එය නැවතූ සැකකරු එයින් පිටතට පැන පලා යාමේදී පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන්  සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී රාත්‍රී අටට පමණ මොරගහහේන ප්‍රදේශයේ සිටින පෙම්වතියගෙන් දුරකථනයෙන් ලැබුණු ආරාධනාවක් අනුව ඇය හමුවීම සඳහා බස් රථයකින් යාමට බස් නැවතුම් පොලට පැමිණි බවත් එම අවස්ථාවේදී මොරගහහෙන ප්‍රදේශයට යාමට බස් රථයක් නොවූ බැවින් නවතා තිබූ බස් රථවලට ගොඩ වී පරික්ෂා කිරීමේදී එක් බස් රථයක පණගන්වන යතුර එහි ම රඳවා තිබූ බැවින් ,කිසිදු අයකු  පෙනෙන්නට නොසිටි බැවින් බස් රථය රැගෙන පෙම්වතිය හමුවීම සඳහා මොරගහහේන ට ගිය බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් මෙම පහළොස් හැවිරිදි තරුණයන් මීට වසරකට පමණ පෙරද හෝමාගම ප්‍රදේශයේ නවතා තිබූ බස් රථයක් සොරාගෙන ඒ ආකාරයෙන්ම පෙම්වතිය බැලීමට ගොස් යළි පැමිණෙන අතරවාරයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවට වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (7)

පාරේ තිබූ බසය හොරාගෙන පෙම්වතිය බලන්න ගිහින්

Surathalaa Monday, 12 September 2022 03:29 PM

අසහනයට කරපු වැඩක්...!

:       4       26

පුරවැසියෙක්.... Monday, 12 September 2022 04:02 PM

මේ පෙම්වතාට කෙසේ හෝ ලයිසමක් අරන්දී ගැමුණු මහත්තයාට බාරදී පසුව මගුල කර දෙන්න. මෙයා තව ටිකක් ලොකු වෙනකොට ගුවන් යානා පවා හයිජැක් කරන්නත් බැරි නැහැ. නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       0       0

කිරිපුතා Monday, 12 September 2022 04:32 PM

15 හැවිරිදි දරුවන් මව්පිය සෙනෙහසේම රැඳී සිටිය යුතු වයසක්... එතැන ගැටලුවක් ඇති. මේ වයසේ පෙම් කරන්න ගියාම ජීවිතයම වරද්දා ගන්නවා. සියලුම අධ්‍යාපන විභාග ඉදිරියෙන්...

:       0       12

සමිත සේනක අලුත්ගමගේ. Monday, 12 September 2022 04:46 PM

"අනේ පනේ රත්තරනේ ආවානේ ඔබ බලන්න... බස් එක නැහැ කරමි කුමක් එන්නේ කොහොමද කියන්න... අරගෙන රථයක් වේගෙන් හැටට හැටේ පියාඹන්න... හිතිලා කළදේට අනේ සිදුවුණේ කුඩුවේ ලගින්න...

:       3       21

මෝ Monday, 12 September 2022 08:23 PM

යතුර කටේ තියලා මැච් බලපු ඩ්‍රයිවර් සේවයෙන් පහකළ යුතුයි..

:       0       1

Nihal Monday, 12 September 2022 09:42 PM

මොහු හොඳ රියදුරෙක්. අවවාද කර වයස පිරණු ගමන් රැකියාවක් දෙන්න රියදුරෙක් විදියට.

:       0       2

Bamunuarachchi Tuesday, 13 September 2022 06:13 AM

මු යකාගේ බඩුවක්නේ . මට මේගැන තරහක් නැහැ. ඒත් ..?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site