IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පැරා ග්ලයිඩින් සංදර්ශනයක් මාතලේදී

(මහේෂ් කිර්තිරත්න)

ශ්‍රී ලංකාවට ආවේණික නොවන නමුත් මෙරට කඳුකරයේ  සාර්ථකව කළ හැකි පැරා ග්ලයිඩින් සංදර්ශනයක් අද (13) මාතලේ කිරිමැටිය ප්‍රදේශයේ සහ මහනුවර කැලෑ බොක්ක ප්‍රදේශයේදී පැවැත්විණි.  

මෙහිදී සිදුවන්නේ උස් කඳු මුදුණක සිට පැරෂූටයක් ආධාරයෙන් ගුවනට පැණීමෙන් ගැවනේ සැරිසැරීමයි.

ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය,  ශ්‍රි ලංකා  සංචාරක  ප්‍රවර්ධන කාර්යංශය,  මධ්‍යම පළාත්  වාණිජ හා සංචාරක  දෙපාර්තමේන්තුව,  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව,  සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන්  හමුදාව,  මාතලේ දිස්ත්‍රික්  සිවිල් සමාජ සම්මේලනය  සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම සංදර්ශනය සංවිධානය කර තිබිණි.   

“ලංකාපුර ගගන පිනුම් උළෙල 2020” ලෙස නම් කර තිබූ  මෙම සංදර්ශනයට විදේශීය සහ දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  සහභාගි වුහ.

පාරිසරික සංචාරක  අංගයක් ලෙස ගගන පිනුම් ප්‍රවර්ධනය කරමින් සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් මෙම සංදර්ශනය සංවිධානය කර තිබුණි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.ඒම්.ජී.කේ පෙරේරා මහතාගේ උපදෙස් පරිදි  මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය  දියුණු කිරීමේ වැඩ සටහන් රැසක් මේ වනවිට  සැලසුම් කර ඇති බව මාතලේ  අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා එම පැවසීය.

 

 

 

       

       



අදහස් (2)

පැරා ග්ලයිඩින් සංදර්ශනයක් මාතලේදී

rana Saturday, 14 March 2020 04:23 AM

ඉතා සුන්දර පරිසරය සල්ලිවල කෑදරකමට විකුණන්න එපා...!! ඔය පටන්ගන්නම ඉවර වෙන්නේ ඇල්ල වගේ...

:       2       20

mihira Saturday, 14 March 2020 08:35 AM

රටේ සංදර්ශන තියන වේලාවක්ද මේක..?

:       1       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 192 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site