IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පෙරහර බලන්න ආ කතුන් දෙදෙනකුට සුද්දයක් දීලා

(එම්.කේ.නන්දසේන)

මඩකලපුව  සිට කතරගම ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි  කාන්තාවන් දෙදෙනකුට කතරගම පූජා භූමියේ පිහිටි මුස්ලිම් පල්ලියේදී නාඳුනන පුද්ගලයකු කෝපි කෝප්පයක් පානය කිරීමටදී නින්ද යාමෙන් පසු මුදල් රන්බඩු පැහැර ගෙන ගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි.  

අදාළ කාන්තාවන් දෙදෙනා සිහි මඳ ගතිය, ක්ලාන්තය, වමනය හට ගැනීම නිසා කතරගම රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මූලික ප්‍රතිකාර ලබාදී දෙබරවැව මූලික රෝහල වෙත යවා ඇති බව කතරගම රෝහලේ වෛද්‍යවරු පවසති.

මෙම කාන්තාවන් දෙදෙනා කෝපි පානය කිරීමෙන් අනතුරුව තද නින්දට වැටීමත් සමග කෝපි ලබා දුන් පුද්ගලයා කාන්තාවන් පැළඳ සිටි කරාබු, මුදල් රුපියල් 7500 ක්, දුරකථනයක් රැගෙන ගොස් ඇති බවට කතරගම පොලිසියට ප්‍රකාශ කොට ඇත.

මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පාfතිමා බෙිබි සහ එම ලිපිනයේ පදිංචි 60 හැවිරිදි බෙිබි නැමැති කාන්තාවන් දෙදෙනෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පල්ලියේ භාරකරු අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.



අදහස් (0)

පෙරහර බලන්න ආ කතුන් දෙදෙනකුට සුද්දයක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site