පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, පරිසර සංරක්‍ෂණයේ හවුල්කරුවකු ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ කළමනාකාරීත්වයේ මගපෙන්වීම යටතේ ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත්කිරීමේ මූලික පරමාර්ථයෙන් තෙත්බිම් උද්‍යානය තුළ පරිසරය දැනුවත් කිරීමේ පුවරු ස්ථාපනය කරන ලැබීය.
නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශයේ අධ්‍යක්‍ෂ චන්දනා කළුපහන මහත්මිය, පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සිලින් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ලක්සඳ ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් නිරාවරණය කර නැරඹුම් අයිතියට පත්කිරීම පසුගියදා සිදු විය. එයට සමගාමීව රුක් රෝපණයක් ද සිදුකෙරුණි.
2016 දී කොළඹට ආසන්නව විවෘත කරන ලද කෝට්ටේ බැද්දගාන තෙත්බිම් උද්‍යානය සංචාරක හා ආවේණික පක්ෂීන්, සමනලූන්, බත්කූරන්, උරගයන් සහ ක්ෂීරපායින් වැනි සත්ව විශේෂ සඳහා වෙන්වූ නිවහනක් වේ. තවද මෙම උද්‍යානය සෑම වසරකම අගෝස්තු සිට අපේ‍්‍රල් දක්වා කාලය තුළ විවිධ සංක්‍රමණික පක්ෂීන්ගේ ජනප‍්‍රිය නැවතුමකි. අභ්‍යන්තර තෙත් බිමකට පොදු වූ ආවේණික සහ තර්ජනයට ලක් වූ මල් විශේෂවල විවිධත්වය තුළින් උද්‍යානයේ සුන්දරත්වය නිර්මාණය කරයි.
-සටහන- චමින්ද මුණසිංහ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පරිසර සංරක්ෂණයට පීපල්ස් ලීසිං පෙරට එයි