IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ප්‍රසන්නගේ පැරඩයිස් ලොව වටේම යයි

(සමන්ත යහම්පත්)

ජාතන්තර සම්මාන දිනූ ශ්‍රී ලාංකේය සිනමාවේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන ‘‘පැරඩයිස්’’, ඉන්දීය සුප්‍රකට සිනමාවේ දී මනිරතන්මගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම මගින් ලොව පුරා තිරගත කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක් ඉන්දියාවේ ඉහළ පෙළේ සමාගමක් මගින් ලොවට ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ප්‍රසන්න මෙම චිත්‍රපටය මලයාලම් භාෂාවෙන් නිර්මාණය කිරීම ද විශේෂත්වයකි. ඉන්දීය සුප්‍රකට සිනමාවේ දී මනිරත්නම්, ඉන්දියා නොවන සිනමාකරුවකුගේ චිත්‍රපටයක් ලොවට ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව ද මෙය ලෙස සැලකේ.

‘‘පැරඩයිස්’’ චිත්‍රපටයේ මංගල දැක්ම ඔක්තෝබර් 07 වැනදි කොරියාවේ වූසාන් නගරයේ දී ප්‍රදර්ශනය කෙරේ. මෙවර ‘‘බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ’’ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වනුයේ ඉන්දියා හා ශ්‍රී ලංකා එකම නියෝජනය ලෙස වීම විශේෂත්වයකි.

මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන රෝෂන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන් ප්‍රධාන චරිත මවන ‘‘පැරඩයිස්’’ චිත්‍රපටයට මෙරටින් මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක ඇතුළු නළු නිළි පිරිසක් දායක වී සිටිති. මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ දී රූගත කරන ලදී. ‘‘පැරඩයිස්’’ චිත්‍රපටය කේරළයේ චිත්‍රපට සමාගමක් වන නිව්ටන් සිනමා ආයතනය නිෂ්පාදනය කර තිබේ.

 



අදහස් (3)

ප්‍රසන්නගේ පැරඩයිස් ලොව වටේම යයි

Siri Tuesday, 26 September 2023 02:02 PM

සිංහල සිනමාවේ අනාගතය පවත්වාගෙන යන්න නම් මෙවැනි ක්‍රියාවලියක් අත්‍යාවශ්‍යයි. ජයවේවා.

:       0       4

Karu Tuesday, 26 September 2023 02:29 PM

"වෙසක් පහන" අටපට්ටම් නොවීයා ලෝක ජගයෙක් ඒකෙන් බිහිවුනේයා මෑලියනේ හද සොම්නස් නැගේයා අපත් එමල් පෙත අතගැසු ලෙසේයා ඔහුගේ ඉහළට යන මාර්ගය සුමට හා ස්ථාවර වේවා! ('70 දශකයේ පානදුර මෑලියන්ස් කලා කේන්ද්‍රයේ මතක සටහන් සමග- Karu)

:       0       2

Rawana Tuesday, 26 September 2023 04:47 PM

මහේන්ද්‍ර පෙරේරා සර් හිටියා කියන්නේ ඉතින් සූපිරියක් තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site