
(මනෝප්‍රිය ගුණසේකර)
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කටයුතු ඉටුකරදීම සදහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය තමන්ට නියම කල අත්හිටවූ සිර දඬුවම හා දඩය අහෝසි කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොනු කළ ඇපෑල සැප්තැම්බර් 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) තීරණය කළේය.
විත්තිකාර අභියාචක ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් පෙත්සම් විභාගය වෙනත් දිනයකට කල් තබන නීතිඥ කීර්ති තිලකරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අධිකරණය එලෙස නියම කළේය.
අභියාචනාධිකරන විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, සහ අමල් රණරාජා යන මහත්වරුන්ගේ සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටු කර දීම වෙනුවෙන් ජී. මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කර එම දඬුවම වසර පහකට කාලයකට අත්හිටුවීමටද නියෝග කල බව පෙත්සමේ සඳහන්වේ
ඊට අමතරව රුපියල් මිලියන 25 ක දඩයක්ද මහාධිකරණය විසින් තමන්ට නියම කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කාර ප්‍රසන්න රණතතුංග මහතා මහාධිකරණයේ එම තීන්දුව හා දඬුම බල රහිත කර සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය ඇපෑල මඟින් ලෙස ඉල්ලා ඇත.
පෙත්සම කැඳවු අවස්ථාවේදී නීතිඥ කීර්ති තිලකරත්න මහතා අධිකරණය අමතමින් විත්තිකාර අභියාචක ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් පෙත්සම් විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා එම ඉල්ලීමට විරුද්ධත්වයක් දැක්වූයේ නැත.
කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 11, 16 සහ 25 යන දිනවලට කල් තැබීය
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රසන්නගේ ඇපෑලට දින දෙයි
පිටිගල මිලානෝ Monday, 16 June 2025 04:46 PM
අත්හිටවුම වළක්වා දඬුවම සක්‍රීය කරන මෙන් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිමි.
මහසෙන් Monday, 16 June 2025 04:46 PM
ඇතුලේ ගිහින් ඉඳලා එන්නම ඕනෑ කෙනෙක්!!
සෙනෙවිරත්න Monday, 16 June 2025 05:21 PM
ගරු උසාවියට තිබුණෙ වෙන පෙරකදෝරුවෙක් එක්ක වරෙන් නැතිනම් පලයන් ඇතුළට කියන්න.
කව්ද බෝයි Monday, 16 June 2025 05:35 PM
මහජන ධනය හොරාකාපු අය බහුතරයක්, බයනැතිව හොරාකන්න පුරුදුවුණේ මේ වගේ තක්කඩි හොරුන් නිසා. මේ ඔක්කෝම ආත්ම ගණනක් අපායේ මැරී මැරී ඉපදෙන්න ඕනෑ...!
පොඩිඑකා Monday, 16 June 2025 09:13 PM
දුන්නු දඬුවම ඩබල් කරලා දෙන්න ඕනෑ අර මිලේනියම් සිටි ඇපීල් එකේ වගේ... !