IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ප්‍රංශ ජනපති පලස්තීන ජනපති හමුවෙයි

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට ගොස්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් බටහිර ඉවුරේ රාමල්ලා නුවරදී පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් හමුවිය.

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර අර්බුදය සම්බන්ධයෙන් මැක්රොන්, පලස්තීන ජනාධිපතිවරයා සමඟ ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.

හමාස් සටන්කාමීන්, පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට කුරුරි ප්‍රහාරයක් එල්ල කළ බව තමන් පිළිගන්නා නමුත්, එය සාධාරණීකරණය කරමින්, ගාසා තීරයේ අහිංසක පලස්තීනුවන්ට පහර දීම යුක්තිසහගත නොවන බව පලස්තීන ජනාධිපතිවරයා, ප්‍රංශ ජනාධිපති මැක්රොන් හමුවේ පැහැදිලි කළේය.

ගාසා තීරයේ ගැටුම් වහා නැවැත්වීමට සටන් විරාමයක් අවශ්‍ය යැයි ද පලස්තීන ජනාධිපති අබ්බාස් අවධාරණය කළ අතර ප්‍රංශ ජනාධිපති මැක්රොන් එය අනුමත කළේය.

ප්‍රංශ ජනාධිපතිවරයා ටෙල් අවීව් නුවරට පැමිණ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවූයේ, ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී, ප්‍රංශයේ පූර්ණ සහාය ඊශ්‍රායල රජයට හිමිවන බව අවධාරණය කරමිනි.

වසර ගණනාවක් තිස්සේ ඔඩුදුවන ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට නම්, ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය යැයි මැක්රොන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු හමුවේ පෙන්වා දුන්නේය.

ද්වී රාජ්‍ය විසඳුමක් සෙවීමට නම් පළමුවෙන් ඊශ්‍රායලය, පලස්තීන වැසියන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ ඒවායේ ජනාවාස පිහිටුවීම නැවැත්විය යුතු යැයි ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් පැහැදිලි කළේය.

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරයෙන් පසු, එම ප්‍රහාරය හෙළා දකිමින්, ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබා දෙන බව අවධාරණය කරමින් පළමුවෙන් ටෙල් අවීව් පැමිණ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු හමුවූයේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය. ඉන්පසු, සහාය පළ කිරීමට පැමිණියේ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ය.



අදහස් (0)

ප්‍රංශ ජනපති පලස්තීන ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 166 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1691 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site