
ප්‍රංශයේ දෛනික 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂය පසු කර ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. ගතවුණු පැය 24 ඇතුළත ප්‍රංශයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 104,611 කි.
'කොවිඩ් 19' වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රංශයෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. 'කොවිඩ් 19' වසංගත තත්ත්වයට කෙසේ මුහුණදීම කළ යුතුදැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ වීඩියෝ හමුවක් පැවැත්විණි. රජයේ නිලධාරීන් මෙන්ම ප්‍රංශ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු ද ඊට සහභාගී වූහ.
ප්‍රංශයේ මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය ද වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් කර තිබේ. මේ වනවිටත් ප්‍රංශ සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ අනුව, පළමු සහ දෙවැනි එන්නත් ලබා ගෙන මාස 3 ක් සම්පූර්ණ කළ සැමට බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ වී ඇත.
අවන්හල් සහ සිනමාහල් ඇතුළු පොදු ස්ථානවලට ප්‍රවේශවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ප්‍රංශ රජය පියවර ගෙන තිබුණි. ප්‍රංශ රජය නව සඛ්‍යෙ නීති හඳුන්වා දෙමින් දැන් පවසා ඇත්තේ, එම එන්නත් කාඩ්පත වලංගු වන්නේ බූස්ටර් එන්නත ද ලබා ගෙන තිබෙනවා නම් පමණක් බවය. මෙය ජනතා විරෝධයකට හේතුවක් වී ඇති බව ප්‍රංශ පුවත් සේවා පෙන්වා දෙයි.
ප්‍රංශයේ පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් ප්‍රතිශතය සියයට 76.5 කි. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් මියගිය ගණන 1,22,546 කි.ප්‍රංශය යුරෝපා රාජ්‍යයක් වන අතර, මේ වනවිට සෙසු යුරෝපා රටවල් ද 'කොවිඩ් 19' වසංගතයේ දැඩි බලපෑමට ලක් වී ඇත. ඊට ප්‍රධානතම හේතුව 'ඔමික්‍රෝන්' විකෘතියේ ව්‍යාප්තියයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශයේ දෛනික ආසාදිතයන් ලක්ෂය පනී