IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පරිවාස නිලධාරීන්ට සාමවිනිසුරු පදවි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

පරිවාස නිලධාරීන් නිල බලයෙන් සාම විනිසුරුවරුන් බවට  පත්කෙරෙන  ගැසට් නිවේදනයක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

වින්දිතයන් බවට පත්වන දරුවන්ට නෛතික කටයුතුවලදී අවශ්‍යවන දිවුරුම් ප්‍රකාශ  ගැනීමේදී සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා   පරිවාස නිලධාරීන්ට සාම විනිසුරු පත්වීම්දීමට  මේ අනුව නෛතික ප්‍රතිපාදන හිමිවේ.

ඒ අනුව, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු සෑම පරිවාස නිලධාරියකුම නිල බලයෙන් එකී නිලධාරියා පත්කර ලැබ සිටින අදාළ පළාතේ පරිපාලන දිස්ත්‍රික්කය සඳහා සාමදාන විනිශ්චයකාරවරයකු විය යුතු බවට ගැසට නිවේදනයේ සඳහන් කර ඇත.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් කෙරුණු ඉල්ලීමක්  අනුව අමාත්‍යවරයා මෙම පියවර
ගත්තේය.

මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ  සභාපතීත්වයෙන් පැවති ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේදී මේ කාරණය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයාට  මෙම ඉල්ලීම කළේය. පරිවාස හා ළමාරක්ෂණ සේවා කොමසාරිස්වරයාද පළාත් කොමසාරිස්වරුද මේ සාකච්ඡාවට සහභාගීවූහ.



අදහස් (2)

පරිවාස නිලධාරීන්ට සාමවිනිසුරු පදවි

Bamunuarachchi Monday, 25 September 2023 05:35 PM

ඔය ආචාර්ය පදවිය තමයි රටට හෙනේ වෙලා තියෙන්නේ .විභාග සමත් උනාට සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ගැන නොදන්නා මොට්ටයෙක්

:       3       3

සරත් කුමාර Tuesday, 26 September 2023 01:16 PM

ඔව්ව නම් මොනවද.. ඔය කිසි ගැසට්, අන පනත් නැතුව රටේ මිනිස්සු ඉබේම ලක්ෂ ගණන්වලින් ණය කාරයො වෙන්නෙ මුන්නැහෙල නිසා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site