IMG-LOGO

පරිවාස දරුවන්ට වෘත්තීය පුහුණුව

(නිපුන් ගරුක)

පරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙලක් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ආරම්භ කර ඇත.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දී අද (30) සිදුකෙරුණු අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සහ පියල් නිශාන්ත මහතා ඊට අත්සන් තැබීය.

ළමා නිවාසවල සිටින දරුවන්ගේ නිපුණතා මට්ටම් හදුනාගෙන ඔවුන්ගේ හැකියාවන් අනුව නිවැරදි වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි යොමුකරමින් සමාජගතකිරීම මෙහි මූලික අරමුණ වී ඇත.

මෙම පාඨමාලා අවසානයේදී නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් සහතික (NVQ) පිරිනැමීම ද සිදුකෙරේ.

යාවත්කාලීන කරන ලද www.youthjobs.lk වෙබ් අඩවිය දියත් කිරිම ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් මෙහිදී සිදුකෙරිණි.

මෙම වෙබ් අඩවිය හරහා පාඨමාලා පිළිබඳ සියලු ‍ තොරතුරු ලබාගත හැක.

 



අදහස් (2)

පරිවාස දරුවන්ට වෘත්තීය පුහුණුව

Lalith M Friday, 01 October 2021 10:22 AM

හොඳයි. ඉහළ අධ්‍යාපනයක් ලැබීමට හැකියාව ඇති අයට විශේෂ අවස්ථා ලබාදීමට පුළුවන්කම තිබේ නම් අනර්ඝයි. චුට්ටක් හිතුවොත් ඇමතිතුමාට බැරිවෙන්නේ නෑ.

:       0       0

සිරිබිරිස් Friday, 01 October 2021 05:16 PM

පරිවාස දරුවෝ කියන්නේ රැඳවුම් නිවාස දරුවන්ට නම් ඒවායේ සිටින සමහරක් පාලකයින්ට කළගුණ සැලකීම ඉගැන්වීම කළයුතු බව කිවයුතුයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1943 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 611 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 696 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site