IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පරිවාසේ දරුවෝත් බඩගින්නේ

(සුජිත් හේවාජුලිගේ )

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පරිවාස මධ්‍යස්ථානවල දරුවන්ටත් නිසි පරිදි ආහාර ඇතුළු අවශ්‍යතා නොලැබෙන තත්වයක් පවතින බව එම ආයතනවල පාලකයෝ පෙන්වා දෙති.

මෙම ආයතනවල එක් දරුවකුගේ ආහාර වේල් සඳහා දිනකට පළාත් සභා මගින් වෙන් කෙරෙන්නේ රුපියල් සියයක මුදලක් පමණක් බවත්  එය ප්‍රමාණවත් නොවන බවත් වාර්තාවේ.

ඇතැම් පළාත් සභාවලින් ඒ සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් පනහක් බව දැනගන්නට ඇත.

රට පුරා පරිවාස මධ්‍යස්ථානවල දරුවෝ 10700 ක පමණ පිරිසක් සිටිති.  පරිවාස මධ්‍යස්ථාන බොහොමයක් පාලනය කරනු ලබන්නේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි.

පරිවාස මධ්‍යස්ථාන පළාත් සභාවේ විෂය පථයට වැටෙන්නක් වන හෙයින්  මධ්‍යම රජය කරන්නේ ඒවායේ කටයුතු සම්බන්ධීකරණය පමණක්  බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනය  අංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

මේ තත්වය යටතේ පරිවාස මධ්‍යස්ථාන බොහොමයක් නඩත්තු කෙරෙන්නේ විවිධ පරිත්‍යාගශීලීන්ගේ
ආධාර උපකාර යටතේ බවද  ඔහු සඳහන් කළේය.

පරිවාස මධ්‍යස්ථානවල දරුවකුගේ ආහාර වේල් සඳහා දිනකට වෙන් කෙරෙන මුදල පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන  අඩු තරමින් රුපියල් 500ක් දක්වා වැඩි කරන ලෙස එම මධ්‍යස්ථානවල පාලකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.

මවුපියන් අතහැර දමා ගිය දරුවෝ, විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබන දරුවෝ සහ  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවෝ පරිවාස මධ්‍යස්ථානවල රඳවනු ලැබ සිටිති.



අදහස් (2)

පරිවාසේ දරුවෝත් බඩගින්නේ

Donald Gunawardane Monday, 01 January 2024 11:06 AM

හොර දේශපාලුවෝ ටික එකතු වෙලා රටට කල විපතක් .ආයෙත් බලයට එන්න කල්පනාව

:       1       17

Arunashantha Monday, 01 January 2024 12:47 PM

මේ කතාව ගැන කියනවිට පරිවාසයේ දරුවො කිව්වම සම්පූර්ණයෙන්ම වැරදියි විවිධ පුද්ගලයින් තමන්ගෙ ලාභ ප්‍රයෝජන සදහා ඇතිකර ගන්නා ළමා නිවාස වලින් පාලකයො අතමිට සරුකර ගන්නවා සමහර පාලිකාවන් ආහාර වේල් දෙන අයගෙන් අධික ලෙසට සූරාකෑම කරනවා සමහරක් නිළධාරිණියන් වුනත් තමන්ගෙ අතට මිටට යමක් ලැබෙනවා නම් හරි කැමතියි ඉතින් සැදැහැවතුන් එවැනි තැන්වලට යන්න අදිමදි කරනවා මම එහෙම කියන්නෙ හොදින්ම දන්න නිසා තමයි ඇත්තටම පළාත් සභා වලට පුද්ගලික ආයතන නඩත්තු කරන්න අවශ්‍ය නැහැ ඒත් දරුවො වෙනුවෙන් සුලුවෙන් හෝ මුදලක් ලබාදීම අගය කරන්න ඕන පළාත් පරිවාස දෙපාර්තමේන්තුව විසින් දරුවො නඩත්තු හා වෙනත් අවශ්‍යතාව සදහා මුදල් ලබාදීම කරනවා

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site