IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’ පුරවැසි ගැටළුව පාර්ලිමේන්තුවට අයිති නෑ’’

 

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ද්විත්ව පුරවැසිභාවය දරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්  ක්‍රියාත්මක විය යුත්තේ  පාර්ලිමේන්තුව නොව මැතිවරණ කොමිෂන්  සභාව  බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

මැතිවරණ සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම කරනු ලබන්නේ මැතිවරණ  කොමිසම  හෙයින්  ඔවුනට  ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකි බවද  කතානායකවරයා කීවේය.

එසේම රටේ ඕනෑම පුරවැසියෙකුට ද්විත්ව පුරවැසිභාවය දරන  මන්ත්‍රීවරුන් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව පවතින බව පැවසූ අබේවර්ධන මහතා මීට පෙර එවැනි ආකාරයේ අභියෝගයට ලක් කිරීම් සිදු වූ බවද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ඇතැයි තමන්ට දැනගන්නට ඇති බව පැවසූ කතානායකවරයා ඒ හැර තවත් මන්ත්‍රීවරුන් සිටී දැයි තමා  නොදන්නා බවද  සඳහන් කළේය.

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නීති ප්‍රකාරව ක්‍රියා කරනවා විනා තමාට  කිසිවක් කළ නොහැකි බවද හෙතෙම පැවසුවේය.

පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය  නීති සකස් කිරීම බවත්  එම නීති ක්‍රියාත්මක කිරීම අදාල ආයතනවලට පැවරෙන වගකීමක්  බවත්  ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (8)

’’ පුරවැසි ගැටළුව පාර්ලිමේන්තුවට අයිති නෑ’’

ruwan Monday, 24 October 2022 08:31 PM

පොහොට්ටුවට කඩේ යන්නැතුව ඉන්න...

:       1       14

Harris Tuesday, 25 October 2022 01:22 AM

අරගල ගැටලු පාර්ලිමේන්නුවට අයිතිද?

:       0       11

Rexi Tuesday, 25 October 2022 08:36 AM

තමන්ගේ පාලනය යටතේ තියෙන පාර්ලිමේන්තුවේ ඉන්න අය ගැන දන්නේ නැත්නම් කොහොමද පාලනයක් කරන්නේ.

:       2       18

janahitha Tuesday, 25 October 2022 09:13 AM

දේශපාලකයන්ට අවශ්‍ය පරිදි නීති සම්පාදනය.? මේකට උගත් පිරිසක් පොහොට්ටුවේ ඉන්නවද.?

:       0       11

fairoos Tuesday, 25 October 2022 12:34 PM

මෙයා තමයි කතානායක විටිනාකම බින්දුවටම බස්සපු එක්කෙනා.

:       0       0

sam Tuesday, 25 October 2022 12:51 PM

මේ මුකුත්ම දන්නැති කපටියා.

:       0       0

Hafeel Tuesday, 25 October 2022 02:11 PM

මෙයා කියන්නේ මේක මෙයාට අයිති වැඩක් නැහැ කියල. මෙහම තමයි හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍ර්යත් කිව්වෙත්. එහම නම්, කුමන ආයතනයද මේ නීතිය ක්‍රයාත්මක කලයුත්තේ? මොන බම්බුවටද මෙහම නීති සම්පාදනය කරන්නේ?

:       0       2

Athula Wednesday, 26 October 2022 03:37 PM

මේ වගේ අපතයෙක් කරුමෙට පත් වුණේ මෙයා කියන විදිහට ලෝකයේ ඕනෑම කෙනෙකුට පුළුවන් පාර්ලිමේන්තු එන්න. මොවුන්ද ඉතින් රට ගොඩගන්නකම් බලන් ඉන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site