(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මේ දිනවල මුහුදේ පවතින සැඩ රල පහර හේතුවෙන් මාතර පරවිදූව උපෝසතාගාරයට පිවිසීම සදහා ඉදි කළ තාවකාලික පාලමට ද හානී සිදු යළි අවධානම් සහගත තත්වයක් ඇති වීම නිසා . එම විහාරස්ථානයට ඇතුළු වීමට නොහැකි වන පරිදි දොරටුව වසා දැමීමට කටයුතු කර ඇත.
බැතිමතුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බවද ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය දානය ගෙන ඒම පවා ගැටලු සහගත තත්වයක පවතින බවද එහි වීහාරාධිකාරී වීටියල ඉන්දරතන නාහිමියන් පැවසූහ.
අදාල පාලම පුපුරා යාමකට ද ලක්ව තිබෙන අතර එහි ආධාරක සිලින්ඩර කිහිපයක්ම සැඩ රල පහරට ගසා ගෙන ගොස් තිබේ.
ගාල්ල පිටිගල යුධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ කණ්ඩායමක් පැමීණ පාලම තව දුරටත් විනාශ වී යාම වලක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් තිබුණි.
ඊට සහභාගී සෙබලුන් දෙදෙනෙකු ද සැඩ පහර නීසා මුහුදට වැටි අනතුරට ලක්ව තිබු අතර සෙසු සාමාජිකයන් ඔවුන්ට කිසිදු අනතුරක් නොමැතිව බේරා ගැනීමට සමත්ව තිබුණේය.
පරවිදූව උපෝසතාගාරයට පිවිසීමට තිබු අබලන් පාලම විශාල පිරිසක් ද සමග මීට මාස තුන හමාරකට පෙර මුහුදට කඩා වැටුණි.
ඉන් අනතුරුව විදුලි කණු හා කොන්ක්‍රීට් යොදා දින දහයක දී යුද හමුදාව විසින් ඉදි කළ මෙම තාවකාලික පාලම හිටපු යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් විවෘත කෙරිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පරවිදූව පාලමට යළි හානි
JAYATH Monday, 04 July 2022 01:55 PM
මේකට යන්න තියන පාලම අන්තිමයි... මීට කලිනුත් මම මේක ගැන (කලින් කඩා වැටිච්ච වෙලාවේ මම ලියලා තියනවා මේකේ සිවිල් ඉංජිනේරු තාක්ෂණය අන්තිමයි අපි "ඉලන්දාරි කාලේ " ( දැනුත් ඉතින් ඉලන්දාරිම තමයි) ඕකේ තිබුණේ කනාටු පොල්ගස් ටිකක් විතරයි... අපිට තිබුණු "උණට " ඕකට යන්නේ පීනලා...!!! අනේ දැනුත් එහෙම පුළුවන් නම්...!!!