IMG-LOGO

පුරාවිද්‍යා කටයුතුවලටත් බාධා

(සුජිත් හේවාජුලිගේ ) 

රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් පුරාවිද්‍යා  සංරක්ෂණ කටයුතුවලටද දැඩි බාධා එල්ලවී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඩොලර් ගැටළුව හේතුවෙන් රසායන ද්‍රව්‍ය  ගෙන්වීමට බාධා මතුව ඇති බවයි.

එසේම විවිධ  ආර්ථික ගැටලු හේතුවෙන් පුරාවිද්‍යා කැණීම් කටයුතු වලටද  බාධා එල්ලවී ඇතැයි  පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පැවසුවේ
රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන  ඩොලර් වෙන්කිරීමට හැකියාව ඇත්තේ අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් බවයි.

මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
විවිධ වාර්තා පිළියෙල කිරීමටද  කඩදාසි ගැටළුව හේතුවෙන් බාධා
මතුව ඇතැයි දැනගන්නට ඇත.

අතිකාල දීමනා ගැටළු හේතුවෙන් සේවකයන් විවිධ කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීමේ ගැටළුද මතුව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපති මන්දිරයේ විනාශ වූ භාණ්ඩ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතුවලටද  සේවක ප්‍රශ්නය හේතුවෙන්  බාධා මතුව ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

පුරාවිද්‍යා කටයුතුවලටත් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 237 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site