IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට 12 දක්වා

(බන්දුල ඉලේපෙරුම)

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පාර්ලිමේන්තුවේදී රැස්වූ පාර්ලිමේන්තු කාරක සභාව විසින් තීරණය කරන ලදි.


පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මීට පෙර සභා වාරය පැවැති සතියේදී රැස්වීම් දින දෙකකට සීමා විය.


මේ අතර හෙට (09) පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අහඹු පී.සී.ආර්.පරීක්‍ෂණ වැඩසටහනට ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.


සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය සහිතව, ඉදිරියේ දී පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන කාලසීමාවන්හීදී මෙන්ම, නොපැවැත්වෙන කාලසීමාවන්හීදී ද  සතියකට වරක් මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.


2021 ජනවාරි මස 13 වැනි දින සිට මේ දක්වා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ක්‍රියාත්මක කරන ලද පී. සී. ආර්. පරික්ෂණ වැඩ සටහන් යටතේ අවසන් වරට 190 දෙනෙකු ජනවාරි 25 වන දින පරීක්‍ෂාවට භාජනය කරන ලද අතර එම සියලු දෙනා ආසාධිත නොවන බවට තහවුරු වී ඇත.



අදහස් (0)

පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට 12 දක්වා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site