IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට යළි ඇන්ටිජන්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වටයක් හෙට(6) පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

පාර්ලිමේන්තු සේවකයන් සහ පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදීන් සඳහාද එම පරීක්ෂණවලට යොමුවිය හැකි බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් කැමතිනම් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊට යොමු විය හැකි බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උදේ 9.30 සිට දහවල් 12:30 දක්වා පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එවැනි පරීක්ෂණ වටයක් ක්‍රියාත්මක කරන්නැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා දැනුම් දුන්හ. මෙම පරීක්ෂණ වටය සඳහා කටයුතු සූදානම් කරනු ලැබ ඇත්තේ ඉන් අනතුරුවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තු සේවකයෝ 50කට ආසන්න පිරිසක් පසුගිය කාලයේදී කොවිඩ් වයිරසයට ගොදුරු වූහ.

 



අදහස් (2)

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට යළි ඇන්ටිජන්

Sriland Sunday, 05 September 2021 05:43 PM

ඔය ඇන්ටිජන් බොරුව නතර කරන්න. බලෙන් දීලා හොයන්න ඕනේ නැහැ. ලෙඩක් නම් හැමෝම දන්නවා බෙහෙත් අරගන්න.

:       0       0

kanthi Monday, 06 September 2021 04:06 AM

සල්ලි අපෙන්. බලහතක්ාරයෙන්ම ඇන්ටිජන් එයාලට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site