IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ 57කගෙම 60 පැනලා

(අංජුල මහික වීරරත්න)

තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඊට අවශ්‍ය පරිසරය සැකසීම වැඩිහිටියන්ගේ වගකීම බව කී රණවක මහතා  එක්සත් ජනරජ පෙරමුණ යටතේ තාරුණ්‍යයේ නිදහස සහ නිර්මාණශීලීත්වයට අවකාශ සැලසෙන බව කීය. 

වර්තමාන පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 40 ට අඩු සාමාජිකයන් ගණන 26 ක් බවද එහෙත් අවුරුදු 60 ත් 90 ත්  අතර 57 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටින්නේ යැයිද කී රණවක මහතා කාන්තා නියෝජනය ද අවම බව පැවසීය.

බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති එක්සත් ජනරජ පෙරමුණේ තරුණ සමුළුව අමතමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසීය.



අදහස් (6)

පාර්ලිමේන්තුවේ 57කගෙම 60 පැනලා

නැකත්රාල Monday, 08 April 2024 09:32 PM

දැන් ඔබතුමා කොයි කුලකයට ද වැටෙන්නේ...? 1965 අගෝ. 04 දැන් 58යි. වේදිකාවෙන් බැස යන්න කාලයයි උතුමාණනි. ආයු රක්ඛන්තු ආවඩා!!!

:       0       0

chandima Monday, 08 April 2024 10:15 PM

වයස වැඩි වුණත්, ආණ්ඩු වුණත් ඒ හැමෝම ඔය පක්ෂවලින් ලැයිස්තු වලට දාපු උදවිය. ඒ ගොල්ලෝ මොනතරම් කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳන් අත උස්සලාද අපේ රට වලේ දැම්මේ කියන එකයි වැදගත්... දැන් ඔය සුදු ඇඳගෙන වඩාගෙන ආවාට ඒ හැමෝම අවුරුදු ගාණක් රට වනසපු අය...

:       0       0

Bamunuarachchi Tuesday, 09 April 2024 03:40 AM

ඉතින් ප්‍රශ්නය මොකක්ද? අවුරුදු 21දී චේගුවේරා කල්ලිය නොහොත් ජේවීපී එක පිහිටුවා ගෙන අවුරුදු 28 වෙනකොට රජයක් අල්ලාගෙන රට පාලනය කරන්න හදපු කෙනාගේ පස්සේ යන චූ කොල්ලෝ රට පාලනය කරන්න හොඳද? 60 පැන්නා කියන්නේ දේශපාලන අත්දැකීම් තවත් මදියි කියන එකයි. ප්‍රශ්නය අවුරුදු 20 - 30 දී අවුරුදු 60-70 දේශපාලන අත් දකීම් පෙන්නන්න ගිහිල්ලා පස්ස ඉරා ගැනීමයි.

:       0       0

Perera Tuesday, 09 April 2024 08:23 AM

හැට පැනපු ඝණයට මෙයාත් අයිතියි නේ

:       0       0

Pubudu Tuesday, 09 April 2024 12:48 PM

ඡන්දය දෙන්නේ මිනිස්සු. එබැවින් යහපත්, ජවසම්පන්න, තරුණ, උගත් මිනිසුන් තම නායකයින් ලෙස පත් කර ගැනීම සඳහා ජනතාව ඊළඟ වතාවේ තම වගකීම් ඉටු කළ යුතුය.

:       0       3

Kumar Wednesday, 10 April 2024 04:30 AM

ඔහොම කිව්වට ඇමෙරිකාවෙයි රුසියාවෙයි ඉන්නෙ පටට නාකි දේශපාලුවො නේද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site