IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාර්ලිමේන්තු‍වේ සිටින ද්විත්ව පුරවැසියන් සොයා ගන්න ක්‍රමයක් නෑ

(ඩයනා උදයංගනී)

මෙරට පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් 10 ට වඩා සිටිහ හැකි නමුත් ඒ කවුරුන්දැයි  දැනගැනීමට ක්‍රමවේදයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙරට මැති සබයේ සිටින ද්විත්ව පුරවැසියන් කවුදැයි කිවහැකි ලැයිස්තුවක් කිසිවෙක් සතුව නොමැති අතර, තමන් වෙනත් රටක පුරවැසියෙකු බව අදාළ අය විසින්ම ස්වෙච්ඡාවෙන්ම ප්‍රකාශ නොකළොත් ඔවුන් ද්විත්ව පුරවැසියන් දැයි දැනගැනීමේ කිසිම ක්‍රමවේදයක් කිසිම ආණ්ඩුවටවත් අනෙක් මන්ත්‍රීවරුන්ටවත් නොමැති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

2015 වසරේ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීවරුවීම තහනම් කළ අවස්ථාවේ දෙමළ නෝර්වේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසියන් වන ජාතික සන්ධානමන්ත්‍රීවරු 10 ක් සහ ස්විට්සර්ලන්ත පුරවැසියකු වන ශ්‍රී.ල.නි.ප ඇමතිවරයෙකු සිටින බවත් ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයකු තමන්ට පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔවුන් සම්බන්ධයෙන් වෙබ් අඩවිවලින් සහ එම රටවලින් තොරතුරු සොයාගැනීමට උත්සාහ කළත් කිසිම රටක් තමන්ගේ පුරවැසියන් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ හෝ තුන්වන පාර්ශවයකට ලබා දෙන්නේ නැතැයි ද ගම්මන්පිල මහතා කීවේය.

ඔහු මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු සිවුදෙනෙකු හැර අන් සියළුම දෙනා පාර්ලිමේන්තුවට පැමිණියේ 20 වන සංශෝධන සම්මත වීමට පෙර බැවින් දැන් පාර්ලිමේන්තුවේ සිටින බව කියන ද්විත්ව පුරවැසියන් ද්විත්ව පුරවැසිකම සඟවා වංචනිකව පාර්ලිමේන්තුවට ආ අය බවත්, ඔවුන් එය හෙළි කරනු ඇතැයි කවුරුන් හෝ සිතනවා නම් ඔවුන්ට වැරදී ඇති බවත් කී ගම්මන්පිල මහතා ද්විත්ව පුරවැසියන් අල්ලා ගැනීමට උපක්‍රමයක් සෙවිය යුතු බව ද පැවසීය.

එසේ නොකර ඔවුන් ඉල්ලා අස්වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (12)

පාර්ලිමේන්තු‍වේ සිටින ද්විත්ව පුරවැසියන් සොයා ගන්න ක්‍රමයක් නෑ

ලුම්බිණි Tuesday, 25 October 2022 02:49 PM

කතානායකට පුරවැසි බව හෙළිකරන්න කියල කියන එක විතර නේ. බොරු කිව්වොත් හිරේ.

:       0       9

CitySON Tuesday, 25 October 2022 02:55 PM

තිළිණි ප්‍රියමාලිගෙන් අහන්න ඇය දන්නවා ඇති...!

:       0       7

Rexi Tuesday, 25 October 2022 03:00 PM

අපේ බුද්ධි අංශ ඉන්නේ ජනාධිපති මන්දිරේ නිදා ගත්ත අය හොයා ගන්නද? නැත්නම් පොහොට්ටු මන්ත්‍රීලගේ ගෙවල් ගිනි තියපු අය හොන්න විතරද? විහිළු සපයන්න එපා. එන්න කියමු ස්කොට්ලන්ඩ්යාඩ්, එයාලා සුමානෙන් හොයා දේවි.

:       0       8

රිෂාඩ් Tuesday, 25 October 2022 03:03 PM

ඕක මොකක්ද විල්පත්තුව පැත්තේ ගිහිල්ලා බලන්නකො රටේ පුරවැසිබව නැති ජාතීන් කෙතරම් ඉන්නවද කියලා එහි පැලපදියන් වෙලා...!

:       1       5

සඳුන් Tuesday, 25 October 2022 03:06 PM

ද්විත්ව පුරවැසියන් අල්ලපියෝ කියන පුද්ගලයන් අතරේත් සමහර විට ද්විත්ව පුරවැසියන් ඇති. සමහරවිට ඔස්ට්‍රේලියාවෙ වගේ.

:       0       9

Prase Tuesday, 25 October 2022 03:14 PM

අයියෝ ඕක අල්ලා ගන්න සුළු දෙයක් කරන්න තියෙන්නේ. ලංකාවෙන් පිට වෙනකොට එයාපෝට් එකෙන් ඉමිග්‍රේෂන් කාඩ් එකක් දෙනවා. එම කාඩ් පතේ අහලා තියෙනවා ඔබ මෙන රටක පුරවැසියෙක්ද යන්න. ඔහු විසින් එය සටහන් කළ යුතුමයි. එවිට පුළුන් ඒක හොයාගෙන අවශ්‍ය නම් ගම්මන්පිල මහත්තයට තොරතුරු දැන ගැනීමේ පනත අනුව ලබා ගෙන උසාවියට දාන්න පුළුන්. බයිලා නැතුව වැඩ පෙන්වන්න.

:       0       10

විපරමා Tuesday, 25 October 2022 03:44 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේසපාලුවන් කරපු දේවල්වත් තවම හරියට හොයාගන්ඩ බැරි උනා ?

:       0       4

ravin Tuesday, 25 October 2022 03:56 PM

හා එහෙනම් මොන රෙද්දටද කෑ ගහන්නේ ද්විත්ව පුරවැසියන් ඉන්නවා කියලා. හැමදාම මිනිස්සුන්ව රවට්ටන්නද?

:       0       5

tikiribuwaa Tuesday, 25 October 2022 05:04 PM

ඔබටත් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය තියෙනවා නේද.?

:       0       1

ganegoda Tuesday, 25 October 2022 05:18 PM

ඔහෙලා දන්නේ බුද්ධ සාශනයට ගරහන්නයි බොරුවෙන් වංචාවෙන් කුපාඩිකම් තරකර ගන්න පමණයි. වෙන දන්න දෙයක් නැහැ.

:       2       2

sena Tuesday, 25 October 2022 06:19 PM

අනේ ඕකුන් හොයා ගත්ත කියලා ඇති වැඩේ මොකක්ද? ඕකුන් හිටියත් නොහිටියත් රටට මීට වඩා කෙලවෙන්න දෙයක් තියනවද?

:       0       0

Prabha Tuesday, 25 October 2022 06:28 PM

ද්විත්ව පුරවැසියෙක් ඔලුව උඩ තියාන ඔවුන්ට පාර්ලිමේන්තු එන්න පණත් ගෙනා අයම දැන් ද්විත්ව පුරවැසියන් හොයනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site