IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රයෝජනයක් නැති රජයේ ඉඩම් බදු දෙන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

ප්‍රයෝජනයකට නොගන්නා රජයේ ඉඩම් වාණිජ වැවිලි කළමනාකරණ  ව්‍යාපෘති සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථා වැනි රජයේ වැවිලි ආයතන සතු විශාල ඉඩම් ප්‍රමාණයක් නීති ගැටලු, ආයතනික ගැටුම්, ප්‍රාග්ධන හිඟය ආදී විවිධ හේතුන් මත දීර්ඝ කාලයක් තිස්සේ වගාවකින් හෝ ඵලදායී  භාවිතයකින්  තොරව පවතින බව අයවැය කතාවේදී ජනාධිපතිවරයාද පෙන්වා දී ඇතැයි රජය කියයි.

විශාල ප්‍රමාණයේ ඉඩම් හා ඌණ ඉපයෝජිත ඉඩම් අපනයනය කළ හැකි භෝග වගා කිරීම,අපනයනය සඳහා පශු සම්පත් ගොවිපළ ඇති කිරීම සහ වෙනත් අපනයනය කළ හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා තෝරා ගනු ලබන අයෝජකයන් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීම යෝග්‍ය බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

ඒ සඳහා දේශීය ව්‍යවසායකයන් සම්බන්ධ කර ගනිමින් සමාජයට බහුවිධ ප්‍රතිලාභ අත්වන අයුරින් එකී ඉඩම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම පිණිස රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශය විසින් වැවිලි ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් සකස් කර ඇතැයි ද රජය කියයි.

එකී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (2)

ප්‍රයෝජනයක් නැති රජයේ ඉඩම් බදු දෙන්න කැබිනට් අනුමැතිය

වීර Tuesday, 13 February 2024 08:12 PM

මොරටුව රාවතාවත්තේ බුදුපිළිම හන්දියේ තිබුණු සමූපාකාර ඉඩමත් වැඩකට නැතුව තිබ්බේ. කිසිම වැඩකට නැති නිසා සත පහකට වත් කවුරුත් ගන්නැති නිසා මොරටුවේ හිටපු පා මංත්‍රීයෙක්ගේ හාල් කිලෝවක ගාන දන්නැති ක්ලබ් යන දුවෙකුට දුන්නාලු.. අනේ වාසනාවන්..!

:       0       0

swene Wednesday, 14 February 2024 05:50 AM

තුට්ටුවට දෙකට බදු දීමත්, අත යටින් ගනු දෙනු කිරිමත් සාර්ථකව කෙරෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site