IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වා ලාභ ලැබූ අය ගැන දයාසිරි කියයි

(ඩයනා උදයංගනී)

පසුගිය කාලයේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වීමෙන් ඊට අදාල සමාගම්වල මෙරට ඒජන්තයන් හා ඔවුන් සමඟ කටයුතු කරන දේශපාලනඥයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට (රුපියල් කෝටි 3600) කට වැඩි මුදලක් උපයාගෙන ඇති බවට තොරතුරු ඇතැයි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

වත්මන් බලශක්ති අමාත්‍යවරයා පත්වීමෙන් පසු ඉන්ධන ගෙන්වීම සඳහා අලුතින් සමාගමක් ලියාපදිංචි කර ඒ හරහා ටෙන්ඩර් පටිපාටි පවා උල්ලංඝනය කරමින් ඉන්ධන ගෙන්වීම සිදුවන බව ද ජයසේකර මහතා සඳහන් කළේය.

මහලේකම්වරයා මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනතාව ඩොලර් සහ ඉන්ධන නොමැතිකමින් පීඩා විඳිද්දී ඉන්ධන අඩු මිලට ගත හැකි සමාගම් වෙනුවට වැඩි මිලට ප්‍රමිතියෙන් අඩු බොර තෙල් මිලදීගැනීම හේතුවෙන් මේ වන විටත් අර්බුදයක් ඇතිවී ඇතැයි කී දයාසිරි ජයසේකර මහතා ඉදිරියේදී එක්ස්පෝ නම් කාබන් ප්‍රතිශතය වැඩි දැවි තෙල් වර්ගයක් ගෙන්වීමට යන බවත්, එහි ඇති කාබන් නිසා පිරිපහදුවේ උත්ප්‍රේරක කුටි සම්පූර්ණයෙන් විනාශවීමේ අවදානමක් ඇති බවත් කීවේය.



අදහස් (3)

ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වා ලාභ ලැබූ අය ගැන දයාසිරි කියයි

ruwan12 Wednesday, 05 October 2022 07:39 PM

මේ අය බොරු කරන්නේ... කොච්චර වැස්සත් ලයිට් කපනවා. මේ අයගේ පුද්ගලික බලාගාර දුවන්න ඕනෙ නිසා ජලාශවල වතුර අරිනවා. 225ටම හෙණ ගහන්න ඕනේ...

:       0       0

P hottu Wednesday, 05 October 2022 07:42 PM

හොරුන්ට කඩේ යන අයගේ දැනගැනීම සඳහා...!

:       0       13

Perera Thursday, 06 October 2022 02:29 AM

නයා විසකුරු බව දැන දැනම දැන් රෙද්ද අස්සේ දාගෙන දැන් කෑවෝ කෑවෝ ගානවා.මේ අය ඔක්කොම මෙවටා වග කියන්න ඕන .දැන් සුදනෝ වෙන්න හැදුවට

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site