IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ප්‍රමිතියට වගා කර ඩොලර් මිලියන 36ක් රටට ගෙනෙයි

(අංජුල මහික වීරරත්න)

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය 2022 වසරේ කෘෂි බෝග නිෂ්පාදන  අපනයනයෙන් ඩොලර් මිලියන 36ක් උපයා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ආරම්භ කර ඇති වගා ව්‍යාපෘති මගින් නිපදවන බෝග විශාල ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි.

ඒ අතර ගර්කින්, ඇඹුල් කෙසෙල් , අඹ, අන්නාසි, ගස්ලබු, මුරුංගා පත්‍ර, ජම්බෝ පීනට්ස් ද වේ.

2022 වසරේ මෙම ව්‍යාපෘති මගින් උපයා ඇති විදේශ විනිමය පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉල්ලා සිටි අතර එම වාර්තාවට අනුව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් පසුගිය වසරේ දී බෝග අපනයනය මගින් ඩොලර් මිලියන 36ක මුදලක් උපයා ඇතැයි වාර්තා කළේය.

මෙම අපනයන බෝග අතරින් වඩාත්ම ජනප්‍රිය ව පවතින්නේ රාජාංගනයේ හා යාපනයේ ඇඹුල් කෙසෙල් සහ වාකරේ වගා කරනු ලබන Green Cucumber හෙවත් කොළ පිපිඤ්ඤා ය.

කොළ පිපිඤ්ඤා  වගාවේ සම්පුර්ණ අස්වැන්න ජපානයට අපනයනය කෙරෙන අතර ජපානයේ බර්ගර් සඳහා වැඩිපුරම භාවිතා කරනුයේ වාකරේ වගා කරනු ලබන කොළ පිපිඤ්ඤා බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි.

ඇඹුල් කෙසෙල් සඳහා ඩුබායි හැර තවත් රටවල් ගණනාවකින් විශාල ඉල්ලුමක් පැවතුනත් අපනයනය සඳහා සුදුසු වන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියට අනුව ඇඹුල් කෙසෙල් වගා කෙරෙනුයේ රාජංගනය හා යාපනය ඇඹුල් කෙසෙල් වගා කළාප වලින් පමණි. 

රුපියල් මිලියන 150ක වියදමකින් මෙම වසරේ  ඇඹිලිපිටිය හා සෙවණගල ප්‍රදේශවල ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිෂ් කෙසෙල් අක්කර 400 ක  වගා කපාප දෙකක්  හා කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 

 

 



අදහස් (0)

ප්‍රමිතියට වගා කර ඩොලර් මිලියන 36ක් රටට ගෙනෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site