IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රමිතියක් නැති කන්ෙට්නර් ලක්ෂ 44 ක ටින්මාලු කාලා

(මුදිතා දයානන්ද) 

ශ්‍රී ලංකා ප්‍රමිත සහතික නොලත් (SLS) ආයතන 31කින් 2019 සිට 2021 ජුනි දක්වා ඇමරිකන් ඩොලර් මිලියන කෝටි 9.2ක් වැය කරමින් ආනයනය කළ ටින්මාලු බහාලුම් ලක්ෂ 44 ක් කිසිදු නියැදි පරික්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කර ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවකින් අනාවරණය වේ.

කිරිපිටි, ධාන්‍යමය ආහාර නිෂ්පාදන, විදුලි උපකරණ හා උපාංග ඇතුලු ආනයනික භාණ්ඩ රැසක් ආනයනය කරන ආයතන ශ්‍රී ලංකා ප්‍රමිත සහතික ලබාගෙන නැති බවද එහි සඳහන් වේ.

එසේම ආනයනික භාණ්ඩ වල නියැදි පරීක්ෂාවට ගත කරන කාලය අනවශ්‍ය තරමට දිර්ඝ වීම නිසා  ගුදම් ගාස්තු අධික වීම වළක්වා ගැනිමට ඒවා ආනයනකරුවන්ගේ ගුදම් වෙත මාරු කිරිමට රේගුවෙන් අවසර ලබාදි ඇති බවද එවැනි බොහොමයක් භාණ්ඩවලින් නැවත ඉල්ලා සිටි නියැදි සාම්පල් ලැබි නැති බවද එම භාණ්ඩ ප්‍රමිති ආයතනයේ අවසර ලැබෙන්නට පෙර රේගුවෙන් පිටතට ගෙන ගොස් ඇති බවට තහවුරු වි ඇති බවද එම වාර්තාවේ සඳාහන් වේ. එවැනි භාණ්ඩ සම්බන්දයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ප්‍රමිති ආයතනය කටයුතු කර නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.

ආනයනික කිසිදු ආහාර ද්‍රව්‍යයක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ  නිෂ්පාදන සහතිකය ලබාගැනිම අනිවාර්ය කර නැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඇතැම් අවස්ථාවල නියැදි පරික්ෂා කර අදාල භාණ්ඩ ප්‍රතික්ෂේප කිරිමේ ලිපි රේගුව වෙත යොමු කර තිබුණද රේගුවේදි සිදුවන ප්‍රමාද දෝෂයන් නිසාද ඒවා අදාල ආයතන වෙත ලැබි තිබුණේ මාස ගණනාවක් ප්‍රමාදයකින් බවද අනාවරණය වේ. එම ලිපිවලට අදාල ආයතනවලින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති අවස්ථා බොහොමයක් තිබු බවද වාර්තාවේ සඳහන් වේ.

ඉහත කරුණු නිසා ප්‍රමිතියෙන් තොර භාණ්ඩ කිසිදු බාධාවකින් තොරව වෙළඳපොලට නිකුත් කෙරෙන බවද වාර්තාවේ සඳහන් වේ.

විගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකරන නියැදි පරික්ෂා කිරිමේ කාර්යයන් සඳහා අවශ්‍ය රසායනාගාර සේවා නිසි පහසුකම් සහිත නොවිමේ ගැටලුවක් පවතින බවද වාර්තාවේ දැක්වේ.  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට අනුමත කාර්ය මණ්ඩලය 393ක් වුවද එයින් 106ක්ම 2021 වසරේදිත් පුරප්පාඩු වී තිබේ.

එසේම නව රසායනාගාරයක් ඉදිකිරිම සඳහා ඉඩමක් මිලදි ගෙන ආරක්ෂිත වැටක් ඉදිකිරිම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නාගරික සංවර්දන අධිකාරිය රුපියල් කෝටි 17කට ආසන්න මුදලත් 2018 දි ගෙවා තිබුණද 2021 වසර අවසන් වන විටත් එම ඉඩටෙම් අයිතිය ආයතනය වෙත පවරා ගැනිමට අසමත්ව තිබේ. ඒ  නිසා වාර්ෂිකව එක්කෝටි දාහතර ලක්ෂ්‍යක් වැය කරමින් පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලියට ගෙන රසායනාගාර කටයුතු කරගෙන යාමට ප්‍රමිති ආයතනයට සිදුව ඇත.



අදහස් (1)

ප්‍රමිතියක් නැති කන්ෙට්නර් ලක්ෂ 44 ක ටින්මාලු කාලා

Prasanna Wednesday, 23 November 2022 12:28 PM

අපි මුහුද ගොඩකරල දාමුද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site