IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පිරමිඩ ක්‍රමයට මුදල් වංචා කළ හත් දෙනාගේ විදෙස් ගමන් තහනම්

(නිමන්ති රණසිංහ)

පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානින් හත් දෙනකුගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඔවුන්ගේ බැංකු ගිණුම් පහක් අත්හිටුවීමට ද අද  (22) නියෝග කළේය.

ස්පෝට්ස් චේන් නමින් පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දෙමින් මෙම පුද්ගලයන් හත් දෙනා මුදල් වංචා කර ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරනයෙන් කල ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය . 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ම ලබන දෙසැම්බර් මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉකුත්දා එම ආයතනයේ ප්‍රධානීන් පස්දෙනෙකුට සිතාසි නිකුත් කර තිබුණි . එමෙන්ම මෙම පස්දෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද අධිකරණය නියෝග නිකුත් විය.

මොරටුව එගොඩ උයන, පදිංචි සුදත් රන්ජන් සිල්වා යන අය නිතීඥ නලීන් පතිරණ මහතා මගින් පුද්ගලිකව අධිකරණය හමුවේ පැවරූ එම නඩුවට අදාළව අධිකරණය  එම නියෝග නිකුත් කළේය.



අදහස් (1)

පිරමිඩ ක්‍රමයට මුදල් වංචා කළ හත් දෙනාගේ විදෙස් ගමන් තහනම්

Rohana Thursday, 22 September 2022 05:03 PM

මේවගෙ හොරගුහාවල ආයෝජනය නමින් මුදල් තැන්පත් කිරීමත් එක්්‍තරා ක්‍රමයක සූදුවකි. මුල්පෙලේ ආයෝජකයින්ට ප්‍රතිලාභ හිමිවන්නේ පසුව එකතුවන අයගේ මුදල්වලිනි. අන්තිමට එකතුවන අයගේ මුදල්වලින් මුල්පෙලේ අයට යමක් ලැබුනත් අවසන් සාමාජිකයින්ට කිසිදු ප්‍රතිලාභයක් නොලැබිම ව්ශේෂත්වයයි. ඉන්පසු මුල් අයිතිකරුවන් හා සංවිධායකයින් පැදුරටත් නොකියා අතුරුදහන් වෙයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site