IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පිරමීඩ අධ්‍යක්ෂකගේ දේපොළට තහංචියක්

(නිමන්ති රණසිංහ)

නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20ක් නැවත දැනුම්දෙ නතුරු පැවරීම සහ විකිණීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සිවු දෙනකුට අද (04) නියෝගයක් නිකුත් කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ මාතර, කළුතර, හම්බන්තොට සහ කඩවත යන ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන්ටය.

මෙම සිද්ධියට අදාළ අධ්‍යක්ෂවරයාගේ දේපළවල මුහුණත වටිනාකම රුපියල් කෝටි 62කට අධික වන අතර, ඒවා පිරමීඩ ජාවාරමෙන් උපයාගත් ඒවා බවට හඳුනාගෙන ඇති බැවින් මෙම දේපළ පැවරීම හෝ විකිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20හි සුපිරි හෝටලයක් මෙන්ම නවීන පන්නයේ සුපිරි නිවාස කිහිපයක් ද වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මාතර ප්‍රදේශයේ සුපිරි නිවාස සහ සුපිරි හෝටල් සහිත ඉඩම් 06ක්, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් 02ක්, කඩවත ප්‍රදේශයේ ඉඩම් 02ක් සහ කළුතර ප්‍රදේශයේ ඉඩම් 10ක් මෙලෙස පැවරීම සහ විකිණීම තහනම් කරමින් නියෝග නිකුත් කෙරිණි.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අය මෙම ඉඩම් 20 ම සිය බිරිඳ සහ ඥාතීන් වෙත එකම දිනයකදී පැවරීම සිදුකර සිය වංචාව සැඟවීමට උත්සාහ දරා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි රාශියක් ලැබී ඇති බවත් ඉන් පැමිණිලි 10ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

එම පැමිණිලිවලට අනුව පැමිණිලිකරුවන් දෙදෙනකුගෙන් පමණක් රුපියල් කෝටි 5කට අධික මුදලක් මෙම ඡාවාරම්කරුවන් විසින් වංචා කරනු ලැබ ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.



අදහස් (12)

පිරමීඩ අධ්‍යක්ෂකගේ දේපොළට තහංචියක්

Rohana Monday, 04 September 2023 09:55 PM

පිරමීඩ ජාවාරම්කාරයින් සියළු දෙනාටම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දිය යුතුයි...

:       1       3

අම්පාරෙ S,G,W Tuesday, 05 September 2023 07:49 AM

නිය පොතු වල ඉදල කෙසාන්තය දක්වා පුච්චන්න ඕන ??? දුප්පත් මිනිස්සුන්ගෙ හිගන ප්‍රාත්‍රය හූරගෙන කනවුන්ට ! නඩුකාර හාමුදුරුවන්ට බොහොම පිං !!ඕවට අහුවුන අසරණ මිනිස්සුන්ට අරගෙන දෙන්න හාමුදුරුවනෙ ???

:       1       43

Aravinda Monarawila Tuesday, 05 September 2023 08:23 AM

මහ බැංකු හොරා ,තවම නිදැල්ලේ .පිටරට සවාරිත් යනවා

:       19       34

රනිල් වික්‍රමසිංහ.Tuesday, 05 September 2023 08:44 PM

ඇයි, ඔයාට අමාරුද? මගේ වැඩවලට ඇඟිලි ගහන්න ඇවිත් මම නරක මිනිහයි කියන්න එපා. දන්නවනේ?

:       0       1

Nimal Tuesday, 05 September 2023 08:46 AM

රැවටී සුවහසක් බොරු කාරයින් හට ,පාඩම් ලබා නැත යුග යුග ගණන් සිට

:       0       26

Perera Tuesday, 05 September 2023 09:00 AM

ලංකාව ජාවාරම්කාරයින්ගේ පාරාදීසයක් .කලින් ජාවාරම්කාරයින් ගැන පුවත් පලවුනාට ඒ අයට දඬුවම් දුන්න පුවතක් නම් තවම දකින්න ලැබුනේ නැහැ

:       0       24

Gg Tuesday, 05 September 2023 09:16 AM

පොඩි මිනිහව කරන්න එපා බන් උන් නැගිටිද්දී ගහලා පාගලා දානවා

:       19       3

Mr Don Tuesday, 05 September 2023 11:42 AM

අනුන්ගේ මුදල් වලින් සැප විඳින මංකොල්ල කරුවන්ට දඬුවම් දෙන්න

:       0       29

Anonymously Tuesday, 05 September 2023 12:53 PM

✝️ දේව ගණ = අධික මෛත්‍රිය, උත්කෘෂ්ට ධර්මිෂ්ඨ ස්වභාවය. ලා පැහැති සමක් ඇත... ✝️ මනුෂ්‍ය ගණ = මධ්‍යම ප්‍රමාණයේ ධර්මිෂ්ඨ ස්වභාවයක් ඇත. ලා පැහැති සමක් ඇත... ✝️ රාක්ෂ ගණ = අධර්මිෂ්ඨ ගති ගුණ ඇත. ද්වේශ සහගතය. අඳුරු පැහැති සමක් ඇත...

:       2       5

nirmalTuesday, 05 September 2023 08:49 PM

අධර්මිෂ්ටයින් නිතරම දියවන්නාව අසල ඇති හොල්මන් මන්දිරයේ වසති.

:       0       0

pakeer Tuesday, 05 September 2023 02:39 PM

ලංකාවෙ ඉන්න බුරුවො..උන්ට කොච්චර කිව්වත් මගඩි කාරයන්ට රැවටෙන්න එපා කියල උන් රැවටෙනව...එක නිසාම තමයි හොර තක්කඩි දේශපාලකයො බිහිවෙන්නෙත්, මෙ වගෙ උන් බිහි වන්නෙත්..මම නම් මුලිකවම වර පටන්නෙ ලන්කවෙ ඉන්න බුරුවන්ට. උන්ට හිතන්න මොලයක් නැහැ....උන් හරියට..පහන වටෙ කැරකෙන මැස්සො වගේ. කාලකන්නි.

:       0       16

kamal Tuesday, 05 September 2023 05:18 PM

මේවාට අහුවෙන බොහෝ දෙනාගේ පරමාර්ථය ක්ෂණිකව මුදල් හම්බ කිරීමයි. ඒ අය දැන් අත් විඳින්නේ ඒවායේ ඵලවිපාකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site