බිමල් ශ්‍යාමන් ජයසිංහ

ප්‍රභූ පුද්ගලයන් යැයි හඳුන්වා දීමට ව්‍යාජ ලෙස ස්ටිකර් අලවා ආලෝක පද්ධති සකස් කර මාර්ගයේ ධාවනය කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් ඩිෆෙන්ඩර් රථ ඇතුළු සුඛෝපභෝගී වාහන හය නැවත එම පුද්ගලයන් වෙත භාරදීමට කටයුතු කළ බව කළ බව බොරැල්ල පොලිසිය කියයි.

එම වාහන වල අලවා තිබූ ස්ටිකර් සහ සවිකර තිබූ ආලෝක සංඥා පද්ධති ගලවා ඉවත් කළ බව පොලිසිය කියයි

ප්‍රභූ වාහන සහ ආරක්ෂක අංශ යොදා ගන්නා ආලෝක සංඥා භාවිතා කරමින් ඩිපෙන්ඩර් රථ 6 ක් රාජගිරිය සිට ඩි එස් සේනානායක පෙදෙස හරහා බොරැල්ල දෙසට එක පෙලට ධාවනය වන බවට නාගරික රථවාහන අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නාමල් පුෂ්පකුමාර මහතාට ලද තොරතුරු කොට අනුව බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් එම පිරිස අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් ප්‍රභූන් නොවන පුද්ගලයන් බවට අනාවරණය වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගැනිණි

අත්අඩංගුවට ගත් එම මෙම පුද්ගලයන් බොරැල්ල කුරුඳුවත්ත අවට ප්‍රදේශවල පදිංචි කෝටිපති ව්‍යාපාරිකයන් ගේ පුතුන් බවට පොලිසිය සඳහන් කරයි

වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන්නන් වේ

ප්‍රභූ ස්ටිකර් සහ ආලෝක සංඥා භාවිතා කළ හැක්කේ ප්‍රභූ පිරිසට සහ ආරක්ෂක අංශ වලට පමණක් බවත් ඒවා සාමාන්‍ය වැසියන්ට භාවිතා කිරීම තහනම් කර තිබියදී මෙම පුද්ගලයන් ඒවා භාවිතා කරමින් සාමාන්‍ය වැසියන්ට මාර්ගය අවහිර වන පරිදි කටයුතු කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත