IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 3000 පෑලියගොඩින් අල්ලයි

(ඉන්දිකා  රාමනායක)

පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී මිනිස් පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක්  අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි 

සිද්ධිය  සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත 

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව පෑලියගොඩ පොලිස් වසමේ  නවනුගේ පිහිටි මෙම ගබඩාව ඊයේ (26) රාත්‍රියේ සිදු කළ වැටලීමකදී මෙම සීනි තොගය සොයාගෙන ඇත , 

 පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ ග්‍රෑම් 3,000 ක් නීති විරෝධී ලෙස ගබඩාකර තබා ගැනීමේ වරදට සැකකරුවන්  දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්   පෑළියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41,48 පසුවන පුද්ගලයන්ව  බව විශේෂ කාර්ය බළකාය කියයි

සැකකරුවන් දෙදෙනා  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වෙත භාර දී ඇත. 

සීනි ගබඩාකර තිබු ස්ථානය ඉදිරි අධිකරණ කටයුතු සඳහා මුද්‍රා තැබීමට කටයුතු කර ඇත.



අදහස් (0)

පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 3000 පෑලියගොඩින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site