IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


පාරිභෝගික අධිකාරිය වගකීම් පැහැර හැරලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී  සිය වගකීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) චෝදනා කළේය.

පාරිභෝගිකයන් බලගැන්වීම, වෙළෙදාම විධිමත් කිරීම සහ  පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම ප්‍රධාන වගකීම වුවද මෙම දැක්මට අනුව එම  අධිකාරිය කටයුතු නොකරන බව කෝප් කමිටුව  පවසයි.

මේ අනුව පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට කටයුතු කළ හැක්කේ කෙසේ දැයි සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කළේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යසාධනය විමසීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (19) රැස්විය.



අදහස් (2)

පාරිභෝගික අධිකාරිය වගකීම් පැහැර හැරලා

චමින්ද Saturday, 21 January 2023 04:33 AM

වර්තමානයේ ඔය අධිකාරිය නමින් තිබුනට ඉස්සර ඕක තිබුනෙ කිරුම් මිණුම් හා මිල පාලන දෙපාර්තමේන්තුව කියලා තමයි ඒ කාලයේ දිස්ත්‍රික් මට්ටමෙන් කාර්‍යාල තිබුනෙ දිසාපති කාර්‍යාලයේ ශාඛා කාර්‍යාලයක් ලෙසට දිසාපති කාර්‍යාල පරිශ්‍රය තුලම තමයි .එම කාර්‍යාලයට පරිපාලන සේවයේ නිළධාරියෙක් සහකාර පාලක ලෙසට සිටියත් ප්‍රශ්නයකදී අවසන් තීරණය දිසාපතිතුමන්ලා තමයි කලේ. ඒක ඉතාමත් සාර්ථක ක්‍රමයක් වුනා දැන් අධිකාරියක් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ ඒ කාලයේ පාරිභෝගිකයනුත් රැකුනා වෙළෙන්දත් ආරක්ෂා වුනා දිසාපති ක්‍රමය නැතිකර පළාත් සභා ඇතිවීමෙන් රටට ඇවඩක්ම තමයි සිදුවුණේ.

:       0       1

සත්‍යා Saturday, 21 January 2023 09:05 AM

චෝදනා කරනව, වාර්තා ඉදිරිපත් කරනව, තරයේ අවවාද කරනව.... ඒ තමයි කෝප් එකේ ස්කෝප්එක.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site