(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකු තානාපතිවරයකු සහ ආයතන සභාපතිවරුන් තිදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ඒ අනුව, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඩ්නි මනෝරන්ජන් පෙරේරා මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත.
මේ අතර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස බී.එල්.ඒ .ජේ ධර්මකීර්ති මහතා පත්කිරීමටද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පී.එච්.සී රත්නායක මහතා පත්කිරීමටද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්. හෙට්ටිආරච්චි මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත.
මීට අමතරව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙස එල්.එච්. රංජිත් සේපාල මහතාගේ පත් කිරීමටද ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) සභාපතිවරයා ලෙස අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතා පත්කිරීමටද ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නිශාන්ත රණතුංග මහතා පත් කිරීමටද කාරක සභාවේ අනුමතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රධානීන් තිදෙනෙකු පත් කිරීමට උසස් නිලතල සභාවේ අනුමැතිය
ලුම්බිණි Thursday, 22 September 2022 06:02 PM
නිශාන්ත රණතුංග එහෙනම් ආයෙත් ආවා.