IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පාරෙදි අහුලාගත් ලක්ෂ පහ හමාර අයිතිකරුට බාරදෙයි

(අමිල සම්පත් ශ්‍රී)

හක්මන තිස්සමහාරාම බස් රථයක කොන්දොස්තර මහතා සහ රියැදුරු මහතා  තිස්ස මහා රහම බස් බස්නැවතුම්පල ආසන්නයේදී මඟ වැටී සිටියදී අහුලා  ගත්  රුපියල් ලක්ෂ පහමාරක් සහ ජංගම දුරකථනයක් එහි අයිතිකරු සොයා භාරදීමට කටයුතු කළ බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මුදල් පසුම්බිය අහුලාගෙන ඇත්තේ තංගල්ල ඩිපෝවේ සේවය කරන ටී ජී බන්දුලසේන නැමැති බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි කොන්දොස්තර මහතා සහ එච්. එම්. කුලසිරි යන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි රියදුරු මහතා බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය.

තිස්සමහාරාමේ හෝටලයක කළමනාකාරවරයා  බැංකුවක මෙම මුදල් තැන්පත් කිරීම සඳහා යතුරුපැදියෙන් රැගෙන යන අවස්ථාවේ මෙම මුදල් පසුම්බිය ජංගම දුරකතනය සමඟ වැටී ඇති බවට තිස්සමහාරාම පොලීසියට පැමිණිලි කර ඇත.

පසුව එම ජංගම දුරකතනය සමඟ සම්බන්ධ වී එම මුදල් පසුම්බිය තිස්සමහාරාම බස් නැවතුම්පොළ ආසන්නයේ දී අහුලා ගත් බවත් බස් රථය මේ වනවිට තංගල්ල ප්‍රදේශයට ගමන් කරන බවත් තංගල්ල ඩීපොවට පැමිණ මුදල පසුම්බිය භාරගන්නා ලෙසත් පවසා ඇත.

ඒ අනුව තිස්සමහාරාම පොලීසිය අයිතිකරු සමග තංගල්ලේ ඩිපෝවට ගොස් පැය තුනක පමණ කෙටි කාලයකින් මුදල් පසුම්බිය හිමිකරුට පොලිසිය ඉදිරියේ භාරදීමට කටයුතු කල බව තතිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (4)

පාරෙදි අහුලාගත් ලක්ෂ පහ හමාර අයිතිකරුට බාරදෙයි

Kiri putha Sunday, 04 September 2022 09:33 AM

ඒ්ක නම් පුදුමයි..

:       1       11

Jagath Sunday, 04 September 2022 09:38 AM

sign of currency depreciation. it didn't have the exact value. that was the reason.

:       14       1

Samantha Sunday, 04 September 2022 10:45 AM

මේ වගේ කාලයක මෙවැනි උතුම් මිනිස් ගුණ ඇති අය සිටීමත් මහත් වාසනාවක්.

:       0       14

podimalli Sunday, 04 September 2022 11:15 AM

පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් ආපු දෙන්නෙක් අයින් වෙලා මේ මහත්වරු දෙන්නට තැන දෙන්නකෝ. දැන් ඉන්න අයට මහත්වරු සහ මහත්හොරු අතර වෙනස පෙන්වයි.

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 409 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 569 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 234 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site