IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට නාය අනතුරු නිවේදනයක්

(මොහොමඩ් ආසික්)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහයකට අද (16) වනදා දක්වා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව  ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව,ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල,මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ අලව්ව මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොළ සහ අඹන්ගඟ කෝරළය  සහ මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

පසුගිය පැය 24 කාලය තුල මෙම ප්‍රදේශවල වර්ෂාපතනය මිලි මීටර් 75 ඉක්මවා ඇති බැවින් තව දුරටත් වැසි පවතීනම් නාය යෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම් පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට උපදෙස් ලබා දෙයි.

මෙලෙස  නිකුත් කර ඇති මෙම නිවේදනය 2025.10.16 වන දින රාත්‍රී 7.30 දක්වා වලංගු වන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

 



අදහස් (0)

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට නාය අනතුරු නිවේදනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site