IMG-LOGO

පේරාදෙණි සරසවි සිසුන්ට අර්ධකාලින රැකියා වරම්

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කොට තිබේ .

මෙරට විශ්ව විද්‍යාලයක ප්‍රථම වරට ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල යටතේ එක් සිසුවකු සේවය කරන පැයක කාලයක් සඳහා රුපියල් 350 ක ගෙවීමක් කිරීමට ද නියමිතය .

සරසවිය තුළ අනධ්‍යයන සේවා සැපයුම සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දැනුම හුවමාරුව සඳහා සිසුන්ට මෙම අර්ථ කාලීන රැකියා පත්වීම ලබා දීමට නියමිත බව උපකුලපති එම්. ඩී. ළමා වංශ මහතා පැවසීය .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගැන ක්‍රියා කොට තිබේ .

මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ සිසුන්ගෙ විශාල උනන්දුවක් තිබෙන බවත් මේ වන විටත් ඒ සඳහා සිසුන් 170 දෙනකු පමණ ඉල්ලුම් කර තිබෙන අතර ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඔක්තෝබර් මස 01 වැනි දින සිදු සිදුකිරීමට නියමිතය .

 

 



අදහස් (3)

පේරාදෙණි සරසවි සිසුන්ට අර්ධකාලින රැකියා වරම්

විපරමා Wednesday, 14 September 2022 04:50 PM

අදහස නම් හොඳයි. විදෙස් රටවල නම් මේ දේවල් බොහෝ කාලයක සිට ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ රාජ්‍ය සේවකයින් ඕනෑවටත් වැඩියි කියලයි කියන්නේ...

:       1       42

chandima Thursday, 15 September 2022 02:28 AM

ඉතාම හොඳ දෙයක්... ඇත්තෙන්ම සමහර මහාචාර්යවරුන්ට වඩා හොඳින් සහායක උපදේශකවරු ළමුන්ට උගන්වනවා. ඒ වගේම අධ්‍යාපනයේ පසුබෑම් ඇති සිසුන්ට මෙය හමත් අත්වැලක්... අන්න එහෙම ටික ටික දියුණුව කරා පියනගමු.

:       0       0

Bamunuarachchi Friday, 16 September 2022 07:23 AM

මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබාදී රු 5000 හේ පින් දීමනාව කපා හරින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site