IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පේරාදෙණිය හිටපු උපකුලපතිට පහරදීමේ සිද්ධියේ සිසුන් 6 ක් හඳුනාගනී

(ෂේන් සෙනෙවිරත්න) 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්රවයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර කොට ගත කොට සිටි විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනා ඊයේ (22) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු  හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණ අතර එහිදී සිසුන් 06 දෙනෙකු හඳුනාගනු ලැබීය.

සිසුන් හදුනා ගැනීමේ පෙරට්ටුව හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න ඔහුගේ පුත් විදුර සේනාරත්න යන මහත්වරුන් ඇතුළු 06 දෙනකු පැමිණ සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ මූලික විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බව අධිකරණයට දන්වා සිටියේය . සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා ගොනු කොට තිබුණි . 

හඳුනාගැනීමේ පෙරටුවෙන් අනතුරුව එම සිසුන් 12 දෙනා ජනවාරි මස 04 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි .

මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු පේරාදෙණිය පොලීසිය මගින් සිදු සිදුකෙරුණ අතර පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යටතට පත් කරනු ලැබීය .

 



අදහස් (0)

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහරදීමේ සිද්ධියේ සිසුන් 6 ක් හඳුනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 910 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site