IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පේරාදෙණිය සරසවියේ නවක වදයට එරෙහි වූ සිසුන්ට ප්‍රහාරයක්

(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවකවදයට පක්ෂ හා විරුද්ධව සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එම විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ දෙවන හා තෙවන වසර වල  සිසුවියන් දෙදෙනකු සහ සිසුන් දෙදෙනකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි .

විශ්ව විද්‍යාලයේ ආපන ශාලාව අසලදී ඊයේ (14) සවස මෙම ගැටුම සිදුව  ඇති අතර අදාළ සිසුන්ට පහරදීම සඳහා 30 දෙනකුගෙන් පමණ සමන්විත සිසුන් කණ්ඩායමක් පැමිණ ඇති බව වාර්තා වෙයි.

පහරදුන් බව කියන සිසුන් පහරකෑමට ලක්වූ සිසුන් විසින් හඳුනාගෙන ඉන් කිහිප දෙනකු පිළිබඳව තොරතුරු විශ්ව විද්‍යාල පාලන අධිකාරියට ලබා දී ඇති බවද සඳහන්ය .

එසේ පහර පහරදීමට පැමිණ ඇත්තේ නවක වදයට පක්ෂ සිසුන් කණ්ඩායමක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන අතර විශ්ව විද්‍යාල පාලන අධිකාරිය මගින්ද වෙනම විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

 



අදහස් (6)

පේරාදෙණිය සරසවියේ නවක වදයට එරෙහි වූ සිසුන්ට ප්‍රහාරයක්

Kule Thursday, 15 September 2022 01:22 PM

ලෝකයේ කොහේවත් නැති... ලංකාවේ පමණක් ඇති වදය... හීනමානයින්ගේ නවක වදයයි.

:       0       0

කිරි පුතා Thursday, 15 September 2022 01:23 PM

දැන්දැන් නවක වදය කියන්නේ ඊර්ෂ්‍යාව සහ ජඩකම මුල්කොට ගත් කායික, මානසික සහ ලිංගික අතවර කිරීම්... සංවරව හැදුණු දරුවන් උසස් පෙළ ප්‍රතිඵල අතේ තියාගෙන විශ්ව විද්‍යාලවලට යන්න ප්‍රතික්ෂේප කරනවා. මේ මානසික රෝගි තත්වය අදට වඩා හෙට හොඳවෙයි කියලා කොහෙත්ම හිතන්න බෑ. ලෝකය දිගින් දගටම පිරිහෙනවා. ඒකයි ධර්මතාවය

:       0       0

Kumar (Gulf) Thursday, 15 September 2022 01:52 PM

අන්තරේ සහ ජවිපයේ අයගේ වැඩ...!

:       0       0

hemantha Thursday, 15 September 2022 01:52 PM

අං පමණක් නැති හරක්..!

:       0       0

Prase Thursday, 15 September 2022 02:00 PM

ජනතාවගේ බදුමුදල්වලින් ඉගෙන ගන්න අය... මොවුන්ට රට හදන්න දුන්නොත් ගෝල්ෆේස් එක හදන්න.

:       0       0

Bamunuarachchi Friday, 16 September 2022 06:33 AM

වැඩේ සිම්පල්... දෙමාපියනි, ඔබලා වැඩේ අතට ගනිල්ලා. මගේ දරුවෙකුට කළා නම් ඔවූන් වදපු දෙමව්පියෝත් වන්දි ගෙවාවි. මේ දරිද්‍රතාවයෙන් පෙලෙන හිඟන කොල්ලන්නේ හැසිරීම...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site