IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පේරාදෙණිය - චෙන්කලාඩි මාර්ගයේ කොටසක් ජනතා අයිතියට

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි ( A005 ) මාර්ගයේ  සංවර්ධනය කළ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස අද දින ජනතා අයිතියට පත් කළේය.

මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි මාර්ගය දිගින් කි.මි 275ක් වේ.

මෙම මාර්ගයේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස පුලුල් කොට සංවර්ධන ය කර ජනතා අයිතියට පත් කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි .

මෙම මාර්ග කොටස අදියර 3ක් යටතේ දේශීය ඉදිකිරීම් සමාගම් 2 ක් මඟින් සංවර්ධනය කර ඇත. පලමු අදියර ලෙස බිබිල සිට පදියතලාව දක්වා කි.මි 29 ක් සංවර්ධනය කර ඇත.

එහි දෙවන අදියර පදියතලාව සිට ටැම්පිටිය දක්වා කි.මි 30 ක් සංවර්ධනය කර ඇත.

ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා කි.මි 27.7 ක් තුන්වන අදියර ලෙස සංවර්ධනය කර ඇත. මෙම බිබිල සිට චෙන්කලාඩි දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 7,200 ක මුදලක් වැය කර ඇත.

මෙම මාර්ග කොටස සංවර්ධනය කිරීම සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල ව්‍යාපෘතිය SFD ( Saudi Fund for Development ) මඟින් මූල්‍යාධාර සපයා ඇත.

 

 



අදහස් (18)

පේරාදෙණිය - චෙන්කලාඩි මාර්ගයේ කොටසක් ජනතා අයිතියට

Jagath Tuesday, 28 December 2021 02:57 PM

කිහිප දෙනෙකුගේ සාක්කු හොඳට පිරෙන්න ඇති...

:       31       71

sunil Wijeratne Tuesday, 28 December 2021 03:26 PM

නියමයි... ඔහොම යන්.. අසන්නට ලැබීමත් සතුටක්. විශේෂයෙන්ම කොවිඩ් ප්‍රශ්නය එක්ක...

:       54       38

Kumara Tuesday, 28 December 2021 03:55 PM

මොන විකාරයක් ද මේ..? තිබුණු පාර ටිකක් පළල් කරලා ඒකටත් සෑහෙන ගාණක් වියදම් කරලා උත්සවයක් තියනවා. මේ විවෘත කිරීම් නවත්වන්න. රට බංකොලොත් වෙන්න යනවා.

:       29       67

sene Tuesday, 28 December 2021 03:55 PM

ගෙවන්න බැරිව තවත් ණය, පෙරදා කොළේත් මේකමනේ...

:       20       50

ase Tuesday, 28 December 2021 04:00 PM

"නුවරඑළියේත්, දඹුල්ලේත් එළවළු ප්‍රමාණය අඩු වී ඇති බැවින් කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළුද ඉතා අඩු මට්ටමක පවතින බවත් මහතා කීය. " 69 ලක්ෂය ඉදිරියේදී කාපල්ලා පාරේ තාර...

:       30       57

fairoos Tuesday, 28 December 2021 04:26 PM

කෝ බමුණා... හම්බයින්ගේ සල්ලිවලින් හදලා තියෙන්නේ මොකක්ද? පිස්සුද මන්දා...

:       22       44

ජයසිංහ Tuesday, 28 December 2021 05:21 PM

කහපාට ගොයම පොහොර නැතිවද?.

:       3       4

Sunil Wednesday, 29 December 2021 06:26 AM

නොකියූ කතාව.. බදුල්ල සිට බිබිලේ දක්වා ආරම්භ කළ මාර්ග සංවර්ධනයට මොකද වුණේ? එය කරගන්න බැරිද?

:       0       6

පුෂ්පා Wednesday, 29 December 2021 07:56 AM

කෑලි තුනටම පොලී ණය රුපියල් මිලියන 7200ක් ගන්න ඇති. එතකොට වසුරු පෝර නැවට විතරක් මිලියන 1500ක් ඒවාගේ ණයවලින් දෙන්න වෙලා. ආර්ථික අපරාධවලට වැරදිකරුවන් කවුරුත් නෑ… නියම වැඩේ..

:       3       11

Perera Wednesday, 29 December 2021 09:31 AM

වීර සිංහලයින්, මුස්ලිම් අයවලුන් ඉදිරියේ දණින් වැටෙන අයුරු..!!!

:       4       11

uddika Wednesday, 29 December 2021 10:09 AM

අනේ මන්දා, හැදුවමත් ඒකේ අඩු පාඩු, කලේ නැතිනම් මොනවද කරන්නේ කියල අහනවා. එක්කෝ මානසික පිස්සෝ, නැතිනම් ලෙඩ්ඩු

:       15       15

AkilaWednesday, 29 December 2021 11:41 AM

මොනවද කරේ කියලා නම් අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. ගෑස් පෝලිම හරි, උදේට සතොස ඉස්සරහ තියන හාල් පෝලිම දිහා හරි බැලුවා නම් ඇති...

:       5       18

DarshanaWednesday, 29 December 2021 02:00 PM

ඒකනම් ඇත්ත... මානසික පිස්සන් කොටසකුත් ඉන්නවනේ... මේ තියෙන විදියම හොඳයි කියලා වෙන්නැති කියන්නේ...

:       5       7

ලංකා Wednesday, 29 December 2021 11:05 AM

හැබෑටම ඊශ්‍රායල් රටෙන් අපිට මේ වගේ දේවල් ලැබෙන්නේ නැත්තේ ඇයි? අපේ අය ඊශ්‍රායලයට මාර සපෝට්නේ..

:       2       9

mohomed agarapatanaWednesday, 29 December 2021 02:19 PM

ඊශ්‍රායලයෙන් අපිට දෙන්නේ මරණ ආධාර පමණයි.

:       1       3

JAYATH Wednesday, 29 December 2021 12:25 PM

කුහක නැතුව කියන්න ඕන මේවා කව්රු කරත් (යහපාලනය වේවා "ස " වේවා )හොඳ වැඩ. පින්තූර ටික දැක්කම යන්න හිතෙනවා .මොකද මීට අවුරුදු 30 -40 කට කලින් ඕව පාරවල් නෙමේ , ගියපු අය දන්නවා ඇති ඒ කාලේ තත්වය

:       11       9

Shan Wednesday, 29 December 2021 01:30 PM

ජනතා අයිතියට දෙන්න දෙයක් නෑ. මේවා කොහොමත් ජනතාවට අයිති දේවල්. ඒත් දැන් ණය නිසා වෙන රටක ජනතාවට අයිති වෙයිද දන්නේ නැහැ.

:       2       15

kp Friday, 31 December 2021 11:46 AM

ජල නල එලන්න, කඩන්න අදහසක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 252 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site