
(ඉන්දිකා රාමනායක)
යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ සෙබලුන්ගෙන් සමන්විත පැරෂුට් භටයින්ගේ ඓතිහාසික මතකයන් සිහිපත් කරමින් ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේ ඉදිකල දිවයිනේ ප්‍රථම ගුවන් සංක්‍රමනික කෞතූකාගාරය ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානාත්වයෙන් විවෘත විය.
නව ගුවන් සංක්‍රමනික කෞතුකාගාරය තුල හමුදාව ගුවන් සංක්‍රමනික අභ්‍යාස සහ මෙහෙයුම් සඳහා මුල් අදියරේදී භාවිතා කරන ලද සියලුම උපකරණ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත.
ඉන්දියාවේ අග්රා -පැරා පුහුණු පාසලෙන් පුහුණුව ලැබු නිලධාරීන් 3 දෙනෙකු සහ සෙසු නිලයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පැරෂුට් භටයින්ගේ පළමු කණ්ඩායම වර්ෂ 1979 දෙසැම්බර් මස 29 වන දින පුහුණුව අවසන් කළ අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් එස්.ඩී පීරිස් පළමු ශ්‍රී ලංකා පැරෂුට් භටයා ලෙස ඉතිහාසයට එක් වන බව හමුදාව පවසයි.
ශ්‍රී ලංකාවේ පළමු ස්කයිඩයිවර්ස් ලෙස සැලකෙන මේජර් එන්.ජී චන්ද්‍රහසේනල එක්සත් ජනපදයේ ස්කයිඩයිවර්ස් පාඨමාලාව හැදෑරීමෙන් පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් පුහුණු කිරීම ආරම්භ කර ඇත.
ගණේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී සිය පැරෂුට් පුහුණු කටයුතු වර්ෂ 1990 ජනවාරි මස 29 වන දින ආරම්භ කළ අතර ඉන් අනතුරුව ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද්ධ හමුදාවේල ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ විශේෂ බළකායන්ට ගුවන් සංක්‍රමනික පුහුණු කටයුතු සඳහා ඇතුළත්වීමේ ප්‍රවේශය හිමි විය.
යුද්ධ හමුදාව විසින් ලබාදුන් පුහුණුව මත ගුවන් හමුදාවේ පළමු පැරෂුට් භටයා ලෙස බලඝණ නායක බී.එන්.රත්නකුමාර නාවික හමුදාවේ පළමු පැරෂුට් භටයා ලෙස ලුතිනන් යු.අයි. සේරසිංහ ඉතිහාසයට එක් වේ.
1992 වසරේ දී පැවති 44 වන ජාතික නිදහස් දින උත්සවයේදී මේජර් සමන්ත සුරියබණ්ඩාර ගේ නායකත්වය යටතේ පැරෂුට් සංදර්ශනයක් සමගින් ශ්‍රී ලංකාවේ පළමු ස්කයිඩයිවර්ස් සංදර්ශනය විශ්මය ජනක ලෙස ප්‍රදර්ශනය කෙරිණි





2025 දෙසැම්බර් මස 18
564
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රථම ගුවන් සංක්‍රමනික කෞතූකාගාරය විවෘත කරයි
Kuttiarachci Thursday, 24 February 2022 04:57 PM
ජයවේවා... ලෝකයේ තියෙන හොඳම කෞතුකාගාරය..!
Tar Thursday, 24 February 2022 06:56 PM
ඕවා කර කර ඉඳපල්ලා...!
Bunny Preena Friday, 25 February 2022 08:55 AM
අපි හොඳ දේ අගයන්න පුරුදු වෙමු. ඒ හැම පුරුද්දක්ම අපිට ලැබෙන්නේ, අපිට හොඳ යහගුණ ඇති හොඳ දෙමව්පියන්ගේ සහ ඥාති හිතමිතුරන්ගේ ඇසුරෙන්.. මට ඒ හැමදේම ලැබිලා තිබීම ගැන සතුටු වෙමි.