(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ(25) පැවැත්වූ රැස්වීමකදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක පනහකින් අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8.50 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 9.50 දක්වාත් අඩු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේය .
ආර්ථිකයේ බලාපොරොත්තු වන අපේක්ෂාවන් ළඟා කර ගැනීමට ඉඩ ලබා දෙමින් මධ්‍ය කාලීනව උද්ධමනය සියයට පහක ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම සඳහා වත්මන් සහ අපේක්‍ෂිත දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා මා බැංකුව ප්‍රකාශ කළේය .
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමට සාපේක්ෂව වෙළඳපොළ පොලී අනුපාතික ද අඩු කිරීමට බැංකු සහ මූල්‍ය ආයතන කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහතට
ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Wednesday, 27 March 2024 08:52 AM
උද්ධමනය අඩුවුණොත් බැංකු පත්ධතිය කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා උද්ධමනය පවත්වාගෙන යන්න පොලි අනුපාත අඩුකරන්න සිද්ධ වෙනවා.
අසාධාරණ Wednesday, 27 March 2024 11:03 AM
ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රවි කරුණානායක මුදල් ඇමැතිවරයා සියයට 15 ක පොලියක් දීලා ඔවුන්ට ජීවත්වෙන්න ක්‍රමයක් හැදුවා. දැන් ඒක අහෝසි කරලා වගේමයි ප්‍රතිපත්ති පොලිය අඩුකරනවා කියන්නේ එදාවේල උපයන මිනිස්සු සතියකට රුපියල් 500 ක් වගේ එකතුකර බංකුවේ තැන්පත් කරන්නේ මියයන මොහොතේ හෝ වැටී සිටීමට නිවසක් ඉදිකර ගන්නත් ලෙඩට බෙහෙත් ටිකක් ගන්නත් තමයි. ඉතින් ඒකෙනුත් කපාගෙන ඇතිහැකි එවුන් පෝෂණය කිරීම තමයි ඒක හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ තමයි...