IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පැරණි සෙල්ලිපි තුනක් අම්පාරෙන්

(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

ඉපැරණි සෙල් ලිපි තුනක් අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බව කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.

පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බක්මිටියාව - තිඹිරිගොල්ල රක්ෂිතයේ රොටවැව ජලාශයට ආසන්නයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමක් සහිත ඉපැරණි බෞද්ධාරාමයක නෂ්ඨාවශේෂ විසිරී ඇති බවට හදුනාගෙන ඇති ස්ථානයක පැරණි සෙල්ලිපි හතරක් සම්බන්දයෙන් අධ්‍යයනයක් කිරීම සදහා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් පසුගිය දා එම ස්ථානයට පැමිණ සිටියහ.

ඒ මහතා සමග කැළණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යන අංශයේ පස්චාත් උපාධි පාඨමාලාවක් හදාරන පිරිසක් පැමිණ සිටි අතර, මෙම ස්ථානයේ පිහිටි සෙල් ලිපි පිටපත් කර, එම සෙල්ලිපි වලින් කියවෙන දේ තේරුම්කර, මෙම ස්ථානයට ඓතිහාසික වටිනාකමක් ලබාදී‍ම සහ වෘත්තීමය වශයෙන් කටයුතු කරමින් සිටින මෙම සිසු සිසුවියන්හට සෙල් ලිපි පිටපත් කිරීම සහ කියවීම පිළිබඳව ප්‍රායෝගික පුහුණවක් ලබාදීම මෙහි අරමුණ බව ඔහු පැවසීය.

මෙම සෙල් ලිපි මෙයට පෙර වාර්තාවී, හදුනාගැනීමක් සිදුවී නොමැති බැවින්, එහි අඩංගු කරුණු අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්දයෙන් ජනතාව දැණුවත් කිරීම සදහා ප්‍රසිද්ධියට පත්කිරීමට අදහස් කරන බවත්, ඔහු පැවසීය.ක්‍රි.ව.100 – 200 කාලයට, 300 – 400 කාලයට සහ ක්‍රි.ව.500 – 600 කාලයට අයත් මෙතෙක් වාර්තා නොවූ සෙල්ලිපියක් බව ඔහු කියයි.

මේ වනවිටත් පුරා විද්‍යා නිලධාරීන්ගේ ගවේෂණයට ලක් නොවූ මෙම ස්ථානය සිංහ පර්වත විහාරය ලෙසින් හදුනාගෙන ඇති අතර, පැරණි රජවරුන්ගේ වන්දනාමානයට ලක්වූ ස්ථානයක් බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

 



අදහස් (0)

පැරණි සෙල්ලිපි තුනක් අම්පාරෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site