
(නිමන්ති රණසිංහ)
යල්පැන ගිය නිතී 60ක් හඳුනාගෙන ඒවා වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පවසයි.
ඒ අනුව, අධිකරණ පද්ධතියේ පවතින අපරාධ, වාණීජ සහ සිවිල් නිතී ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කමිටු තුනක් පත්කළ බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ එහි ප්‍රධානීන් සමඟ රාජගිරියේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (13) පැවැති සාකච්ඡාවකදීය.
මෙලෙස නිති සංශෝධනය කෙරුණේ වසර 20කින් පමණ බවත්, අධිකරණ ක්ෂේත්රයේ පවතින ගැට`ථ හදුනාගනිමින් ඒ සදහා අවශ්‍ය විසදුම් ලබාදීමමේ ක්රවේදයක් ද සකස් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
COMMENTS
තමන්ට කර ගන්න ඕන වැඩේ කරගෙන වගේ.
නීති ප්රතිසංස්කරන කලාට මදි ක්රීයාත්මක කරන්නත් ඕනේ. බුර්කාව ඉවත් කරන නීතියත් තිබෙනවාද?
දුශිත දේසපාලුවන්ට යහපතක් වෙන විදියට වෙන්ඩ ඇති අලුත් කරන්ඩ හිතාගෙන ඉන්නේ.?
ඉතිහාසය විෂය පාසැලෙන් අයින්කලා වගේ කරන්නෙ නැහැ කියන්න.
පරන දික්කසාද නීතිය වහාම වෙනස් කරන්න. ඒක හදපු අය වෙනස් කරලා වසර ගානක්. අපි තාම ක්රිස්තුපුර්ව ගනන් වල නිතිය. මිනිමැරමි වැඩිවෙනවා. අසහනය වැඩි නිසා. මෙය වෙනස් කලයුතුමයි.
වර්තමාන නීති සඳහා නව ඇසුරුම් !!!!