
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා දේපල සමග මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ තොගයක් සොරාගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකුට ඇතුළු දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
උණු කල රන් පවුම් විස්සක්, කැරට් 24 රන් ආලේපිත පෞරාණික පීරිසියක් , ඔටුවකුගේ අනුරුවක් , මිල කළ නොහැකි තඹ කාසි 2120 , මුදලින් රුපියල් ලක්ෂ දහයක් ඇතුළු භාණ්ඩ තොගයක් භාරයට ගෙන ඇති බව පොලිසිය කියයි.
මීට මාස කිහිපයක සිට කොල්ලුපිටිය බම්බලපිටිය වැල්ලවත්ත නාරාහේන්පිට ප්‍රදේශවල පිහිටි නිවෙස්වලට රාත්‍රී කාලයේ ඇතුළු වී මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගැනීමේ සිද්ධියෙන් රැසක් වාර්තා වී තිබුණි.
මේ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන හරහා විමර්ශන සිදු කරමින් තිබියදී , කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්ත තන්ත්‍රි මහතා තවත් විමර්ශනයක් සිදුකරන ලෙසට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාරදී තිබුණි.
ඒ අනුව කොළඹ දකුණු කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්ත තන්ත්‍රි මහතාගේ උපදෙස් හා සෘජු මගපෙන්වීම යටතේ සිදුකළ විමර්ශනයකදී පොලිසියට ලද තොරතුරකින් හා සී සී ටී වී දර්ශනවලට අනුව මාලිගාකන්ද ප්‍රදේශයේදී පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේය
පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී කොල්ලුපිටිය බම්බලපිටිය වැල්ලවත්ත නාරාහේන්පිට යන පොලිස් වසම් වල පිහිටි නිවෙස් පහකින් දේපළ රන් භාණ්ඩ හා මුදල් සොරා ගැනීමේ සිද්ධීන් රැසක තොරතුරු අනාවරණය වී තිබුණි.
ඒ අනුව සොරාගත් භාණ්ඩ මිලදී ගත් බව පැවසෙන මාලිගාකන්ද ආර් බී වත්ත ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී කෝටි දෙකකට අධික මුදල් රන්භාණ්ඩ හා දේපල තොගයක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
ඇපල් හා විවිධ වර්ගයේ අධික මිලෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකථන 120 , ටැබ් පරිගණක 14 , ලැප්ටොප් 06 ,විදේශ ගමන් බලපත්‍ර තුනක් , බැංකු කාඩ්පත් 24 , අත් ඔරලෝසු 179 , වාහන බැටරි 03 , අගල් 54 එල්.ඊ.ඩී රූපවාහිනියක් , ඩිජිටල් කැමරා 13 , රූපලාවණ්‍ය උපකරණ තොගයක් , වැඩබිම් උපකරණ තොගයක් , මිල කළ නොහැකි පිත්තල හා තඹ භාණ්ඩ තොගයක් , මිල කළ නොහැකි විවිධ කාසි 2120 , උණු කළ රන් පවුම් විස්සක් , කැරට් 24 රන් ආලේපිත පෞරාණික පීරිසියක් , ඔට්ටුවකු ගේ අනුරුවක් , සහ රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් , සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
මෙම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික බවත් මිළ කළ නොහැකි පෞරාණික භාණ්ඩ තොගයක් මේ තුළ තිබූ බවත් පොලිසිය කියයි.

2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෞරාණික භාණ්ඩ සමග නමගිය අපරාධකරුවකු අල්ලයි
gunda Friday, 16 September 2022 12:29 PM
අපරාධකාරයෝ ලියාපදිංචි වෙන්නේ මොන දෙපාර්තතමේන්තුවේද? දන්නේ නැති නිසයි අහන්නේ...!