
හමාස් ග්‍රහණයේ සිටි ප්‍රාණඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් කනගාටුව පළ කළ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඒ ගැන තමන්ට සමාව දෙන්නැයි ඊශ්‍රායල වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මෙසේ තමන්ට සමාව දෙන්නැයි ඊශ්‍රායල වැසියන්ගෙන් ඉල්ලීමක් කළේ, හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන්, ඊශ්‍රායල වැසියන්ගෙන් නෙදන්යාහුට දොස් අසන්න වීමත් සමඟය.
හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට ගොස් ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නැයි ඊශ්‍රායල වැසියෝ දිගින් දිගටම නෙදන්යාහුට බල කරති.
පසුගිය දින කීපයේ ඊශ්‍රායලයේ ප්‍රධාන නගරවල දැවැන්ත විරෝධතා පැවැත්විණි. ඒ, හමාස් ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් නිරුපද්‍රිතව මුදා ගන්නැයි බල කරමිනි. ඊශ්‍රායල වෘත්තීය සංගම් එක් වී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ද ආරම්භ කර තිබේ.
ප්‍රාණ ඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් තමන්ට සමාව දෙන්නැයි නෙදන්යාහු ඉල්ලීමක් කළත්, හමාස් සංවිධානය සමඟ දිගින් දිගටම සාකච්ඡා පවත්වා ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නා බව නෙදන්යාහු පවසා නැත.
මේ අතර, හමාස් සංවිධානයට එරෙහි සටනේ දී ඊශ්‍රායලට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවා පවසා ඇත්තේ, හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට නෙදන්යාහු නිසි ක්‍රියා මාර්ග අනුගමනය කර නැති බවය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
180
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රාණඇපකරුවන් මියයෑම: නෙදන්යාහු සමාව ඉල්ලයි