IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ප්‍රජා වෛද්‍ය ලොකු දොස්තරලා 80ක් පිට වැඩට දාලා

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවය ලද නිලධාරීන් 160 දෙනකුගේ පුරප්පාඩු පැවතියදීත් එම විශේෂඥතාවය ලද වෛද්‍ය නිලධාරීන් අසූ දෙනකු වෛද්‍ය පරිපාලන තනතුරුවලට හිතුමතේ පත් කර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම නිවේදනයක දැක්වේ.

මේ අතර වෛද්‍ය නිලධාරීන්ට රෝග නිවාරණය හා රෝගී සත්කාරක සේවා පිළිබඳ විශේෂඥතාවය ලබා ගැනීම සඳහා රජය වැය කළ මුදල නාස්තිකාර  වියදමක් බවට පත්ව තිබුණේ යැයිද   ජාතික විගණන කාර්යාලය පවසයි

ප්‍රතිකාර සහ නිවාරණ සේවා පවත්වාගෙන යෑමට විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ හිඟයක් පැවතියදී එම නිලධාරීන් පිරිසක් පරිපාලන තනතුරුවලට පත් කර තිබුණු බවත් වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥතාවය ලබාගෙන සිටින වෛද්‍ය නිලධාරීන් එකසිය දස දෙනෙකු  වෛද්‍ය පරිපාලන සේවයට අන්තර් ග්‍රහණය කර නොතිබූ   බවත් එම වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අයවිය යුතු හිඟ මුදල් සහ විදේශ පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන්වූ විශේෂ විගණන වාර්තාවේය.



අදහස් (4)

ප්‍රජා වෛද්‍ය ලොකු දොස්තරලා 80ක් පිට වැඩට දාලා

swene Tuesday, 04 November 2025 04:57 PM

පරිපාලනය සඳහා වෛද්‍ය වරුම අවශ්‍යද? එම කාර්යයෙන් වැඩි කොටසක් විද්‍යා දැනුම සහිත පරිපාලන නිලධාරින්ගෙන් පිරවීමට නොහැකිද? වෛද්‍යවරුන්ගේ කාලය රෝගී ප්‍රතිකාර සඳහා ප්‍රමුඛ විය යුතු නැද්ද? එසේ කළහොත් රෝගී ප්‍රතිකාර ශක්තිමත් වෙනවා නොවේද? පරිපාලනයේ යෙදෙන වෛද්‍යවරු රෝගී ප්‍රතිකාරවල නොයෙදෙන්නේ නම් DAT දීමනාව ලබාදීම කොතරම් යුක්ති සහගතද?

:       12       10

S.D.U.M.Ranga Tuesday, 04 November 2025 05:38 PM

වෙෙද්‍යවරු පරිපාලනය කරන සෞඛ්‍ය පද්ධතිය ලෝකයේ ඇති උසස් සෞඛ්‍ය පද්ධතියක් ලෙස පවත්වාගෙන යයි. සෞඛ්‍ය දර්ශක මගින් මේ බව පැහැදිලි වේ.. ලංකාවේ වෙෙද්‍යවරු මෙන් අන් පරිපාලකයින්ද කටයුතු කරා නම් රට මේ වනවිට හැම අංශයකින්ම දියුණු වී තිබිය යුතුයි.

:       4       10

sweneWednesday, 05 November 2025 06:10 AM

නමුත් ලංකාවේ GMOA දොස් කියන්නෙත් බහුතරයක් වෛද්‍යවරුන්ගෙන් සැදුම් ලත් පරිපාලනයටම නේද.. ?

:       0       0

සිරිසේන Thursday, 06 November 2025 12:59 AM

වෛද්‍යපරිපාලනයට comminity medicine specialist ලා දැමීමෙන් ඉතාම නාස්තියක් සිදුවී ඇත. මෙමගින් ලංකාවේ ප්‍රජා සෞක්‍යය සහ රෝග නිවාරණය හා දත්ත මත පදනම් වූ නිර්නායක සහ යෝජානා ඉදිරිපත් කිරීම කෙරෙහි බලපා ඇත. Community medicine සියලු දෙනා වෛද්‍ය පරිපාලනයෙන් ඉවත් කළ යුතුයි. Swen කියන පොර හිතන් ඉන්නේ සෞක්‍ය කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය කියලාද? සියලුම රටවල රෝහල් පරිපාලනය කරන්නේ ජාතික සෞක්‍ය පාලනය කරන්නේ වෛද්‍යවරුන්.. අද ලෝකයේ 27 වැනියට හොදම සෞක්‍ය සහ ආසියාවේ 7. මෙහෙම තියන එකම field එක සෞක්‍යය. සෞක්‍යට තියන එකම සම්පත මානව සම්පතයි... specialist කෙනෙක්ගේ පඩිය ලක්ශ 10ක් විය යුතුයි. DAT වගේ ඔය එල්ලලා තියන දේවල් අයින් කර්ලා හරි පඩියක් දෙන්න ඕනෑ. ලංකාවේ සෞක්‍ය මුල් 10 අතරට එනවා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 382 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site