IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පරාක්‍රම සමුද්‍රය පිටාර මට්ටමේ

(ක.ග.කරුණාරත්න)
 
මහවැසි හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය පිටාරගැනීමට ආසන්න තත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
 
මේ වනවිට එහි ජල මට්ටම අක්කර අඩි 105,000 ක් දක්වා ඉහළ නැඟ තිබෙන බවත් එය 95%ක් ඉක්මවා ඇතැයිද තවත් අක්කර අඩි 10,000 ක් ඉක්මවන ජල ප‍්‍රමාණයක් වැවට ලැබුණු පසුව වැවේ වාන්දොරටු විවෘත කිරීමට සිදුවනු ඇති බවද පරාක‍්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා පැවැසීය.
 
පොළොන්නරුව දිස්ත‍්‍රක්කයේ වැව්වල ජල පෝෂක ප‍්‍රදේශවලට ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් මේ දිනවල ලැබෙමින් පවතින නිසා දිස්ත‍්‍රික්කයේ මහ වැව් සියල්ලකම ජල මට්ටම සතුටුදායක ලෙස ඉහළයමින් තිබෙන බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්. කේ. හේවාගම මහතා ප‍්‍රකාශ කළේය.
 
මේ වනවිට මින්නේරිය වැව 66  5ක් පමණ පිරී තිබෙන අතර දැනට එහි ජල මට්ටම අක්කර අඩි 72,463 ක් පමණ වේ. කවුඩුල්ල ජලාශයේ දැනට පවතින ජල මට්ටම අක්කර අඩි 97,300කි. එය වැවේ මුළු ජල ධාරිතාවෙන් 93 %ක් පමණය. ගිරිතලේ වැවට ලැබී තිබෙන ජල ප‍්‍රමාණය අක්කර අඩි 15,903කට ආසන්නය. ඒ අනුව වැව පිරී ඇත්තේ 74% ක් පමණය.
 
මේ අතර මොරගහකන්ද ජලාශයද මේ වනවිට 79%කට ආසන්න මට්ටමකට පිරී පවතින බවත් ජලාශයේ  දැනට  අක්කර අඩි 308,020 ක ජල ප‍්‍රමාණයක් තිබෙන බව එහි වාරි නිලධාරීහු පැවැසූහ.



අදහස් (1)

පරාක්‍රම සමුද්‍රය පිටාර මට්ටමේ

prasanna thenuwara Friday, 20 December 2019 09:48 AM

සතුටුදායක ආරංචියක්...

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site