IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දික්වෙයි

(යොහාන් භාසුර)

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දීර්ඝ කරමින් හෙට (3) සිට 5 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පෙරවරුවේ පැවසීය.

ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් රත්නායක මහතා කීය.

කොළඹ නගර ද අයත් ‘සීසී’ කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, එම්,එන්,ඕ,එක්ස්,වයි සහ ඉසෙඩ් යන කළාපවලට අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් ද, විදුලි කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩ දුරටත් කීය.

 



අදහස් (5)

පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දික්වෙයි

කිරි පුතා Wednesday, 03 August 2022 01:27 AM

ලංකාවේ නම් ජලාශ උතුරා යනවා. මෙයාලා කියන්නේ වෙන රටක් ගැනද දන්නේ නෑ..?

:       0       1

චිරන්ත Wednesday, 03 August 2022 05:15 AM

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ උතුරායනවා කියල පුවත් පන්නනවා ඒවායේ ජලයෙන් විදුලිය නිපදවීම නොකරම ජලය මුහුදට යවනවාද.නැත්නම් ඒ ගැන පැහැදිලි කරන්න

:       0       1

සුරංග Wednesday, 03 August 2022 09:23 AM

ජනක මහත්තයෝ, කිසිම දැනුවත් කිරීමකින් තොරව වරින්වර විදුලිය විසංධි වෙනවා. සමහර දරුවන් ඔන්ලයින් විභාග ලියනවා. ඒවායේ පාඩුව ගැන ඔබ කියන්නේ කුමක්ද? එනිසා කිසිම වගවිභාගයක් නැතුව විදුලිය විසංධි කිරීමට කටයුතු නොකිරීමට විධිවිධාන යොදන්න... මේවා ගැන ඔබේ අදහස පැහැදිලි කරන්න.

:       0       1

ganegoda Wednesday, 03 August 2022 12:00 PM

ඔහොම කලුවරේ ඉන්නකොට තව මොනමොනවා වෙයිද මන්දා..?

:       0       1

latha Wednesday, 03 August 2022 12:44 PM

වැහැලා වැහැලා ගංවතුරලු. ඒත විදුලිය දෙන්න වතුර නෑලු. මේවා හතර බීරි කථා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site