IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පියාගේ අවමඟුලදා පවුලේ හතරකට කොරෝනා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ව්‍යාපාරික පියාගේ අවසන් කටයුතු සිදු කර පැය කිහිපයකින් පුතා ලේලිය ඇතුළු පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් හා කොරෝනා ආසාධිතයන් බව අනාවරණයවීම හේතුවෙන් අවමගුල පැවති මල් ශාලාවේ හය දෙනෙක් එම මල්ශාලා පරිශ‍්‍රයේම නිරෝධායනට ලක් කිරීමට මීරිගම සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුහ.

මීරිගම ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතනයක හිමිකරුගේ පියා සිකුරාදා අලූයම මරණයට පත්වී ඇත.

ග‍්‍රාම නිලධාරි නිර්දේශය ඇතිව දේහය මල්ශාලාවකට ගෙනවිත් එහි මූලික කටයුතු සිදුකර අවසන් ගෞරව දැක්වීම සදහාද එම මල් ශාලාවේම තැබීමට පියවර ගෙන ඇත.

පවුලේ පිරිස මෙන්ම ප‍්‍රදේශයේ ඥාති හිතවතුන්ද විශේෂයෙන්ම නගරයේ ව්‍යාපාරික පිරිස්ද මේ අවස්ථාවට එක්වී තිබේ.

එදිනම පස්වරුවේ දේහය ආදාහනය කිරීමට කටයුතු කර ඇති අතර ඉන් අනතුරුව පස්වරුවේ සිදු කෙරුණු පරීක්ෂණයකදී මියගිය අයගේ පුතා ලේලිය හා දරු දෙදෙනා කොරෝනා ආසාධිතයන් බව හෙලිවීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීහු මල් ශාලාවේ අයිතිකරු ඇතුළු හය දෙනා මල් ශාලාවේම නිරෝධායනයට ලක් කරනු ලැබ ඇත.

 



අදහස් (6)

පියාගේ අවමඟුලදා පවුලේ හතරකට කොරෝනා

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 30 May 2021 07:52 AM

අනේ ... !!! මොනතරම් දුක්ඛිත පුවතක්ද? මෙවන් දේ අසන්නට අප මොනතරම් අවාසනාවන්ත ද? මේ නපුරු වසංගතය දුරුවී සැම සුවපත් වේවා...!!!

:       2       27

sumudu Sunday, 30 May 2021 08:27 AM

සෞඛ්‍ය බලධාරීහු මල් ශාලාවේ අයිතිකරු ඇතුළු හය දෙනා මල් ශාලාවේම නිරෝධායනයට ලක් කරනු ලැබ ඇත. මල් ශාලාවක් තුළ නිරෝධායනය කිරීම ශිෂ්ට සම්පන්න නැහැ.

:       1       28

පුෂිකර Sunday, 30 May 2021 10:46 AM

මම තමයි හොඳටම කරේ. මට කියනවා, කොහොමද ඉතාලියේ කරේ, චීනේ කරේ.... කියලා?

:       4       14

Malika Sunday, 30 May 2021 03:31 PM

මේ රටේ එක නීතියක් නැති නිසා වූ විපත් මේ... අපේ මිනිස්සුත් මරණයක් වුණාම පි.එච්.අයි මහතාව සහ ග්‍රාම නිලධාරින්ව මුලින්ම දැනුවත් කරන්න ඕනේ. ඉන්පස්සේ පළාතේ පොලිස් මූලස්ථානය දැනුවත් කරලා මෘත ගරීරය පළාතේ රෝහලට ගෙනියන්න ඕනේ පීසීආර් පරීක්ෂණයට. නමුත් මෘතශරීර වල පවුලේ අය කරන්නේ අත යටින් පගාව දීලා අතරමගදී රෝහලට ගෙනියන එක වළක්වාගෙන මල්ශාලාවට ගෙනියනවා. බොහෝ මල්ශාලාකාරයොත් ගාණක් අයකරගන්න පුලුවන් නිසා නීතියට පිටින් ගිහින් මේ වගේ වැඩ කරන නිසා තමා මේ අසරණ ජනතාවට මේ වගේ වෙන්නේ. ආණ්ඩුව හරි නම් එක නීතීයක් දාන්න ඕනේ මල් ශාලාවලට PCR නැතිව මෘතශරීර බාර ගැනීම තහනම් කියලා... එහෙම වුණා නම් වගකිවයුත්තන් වැඩේ හරියට කරාවි. නීතියක් නැති නිසයි මේ ඔක්කොම...

:       2       4

Sri Lanka Sunday, 30 May 2021 04:11 PM

කනත්තේදීම නිරෝධායනය කරන්න එපෑයෑ..

:       0       0

විපරමා Sunday, 30 May 2021 05:33 PM

හරිම කණගාටුදායකයි.. අපි අසරණ වෙලා. මොනවා කරන්නද? ඉක්මනින් සුවය ලැබේවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site