(සුමිත් පොතුපිටිය)
පෙම් හසුනක් හුවමාරුවීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වු ගැටුමකදී මාළු කපන මන්නයකින් ගෙළ කපා සිය වැඩිමල් සොහොයුරා ඝාතනය කළැයි සැක පිට කළුතර පලාතොට ප්‍රදේශයේ දී මිය ගිය අයගේ බාල සොහොයුරා අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි .
කළුතර , පලාතොට විජයගම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටී පින්නදූව හේවගේ අනුරුද්ධ ධනංජය ද සිල්වා යන අය ඊයේ (07) පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනය කර තිබු බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය එදිනම පස්වරුවේ සැකපිට සැකකරු අත්අඩංගුවට ගෙන ඝාතනය සදහා යොදාගත් අඩි දෙකක් පමණ දිගැති මන්නයද සොයාගෙන තිබේ .
ඝාතනය සිදුකල තරුණයා දින කිහිපයකට පෙර ප්‍රදේශයේ තරුණියකට පෙම්හසුනක් ලබාදී ඇති බවත් එම සිදුවීම ඝාතනයට මුල්වී ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
පෙම්හසුන ලබාගත් තරුණිය සිය පියාට ඒ බව දැනුම් දී ඇත. එය තරුණියගේ පියා තරුණයාගේ පියාට දැනුම් දී ඇති අතර එහිදී වැඩිමහල් සොහොයුරා සහ බාල සොහොයුරා සමග ඇති කරගත් ආරවුලක් මෙම මරණයට හේතුවී ඇතැයි පොලීසිය කියයි.
ඝාතනයට ලක්ව ඇති වැඩිමහල් සොහොයුරා රාත්‍රි කාලයේ සිය ත්‍රිරෝදයෙන් කුලී ගමන් ගොස් නිවසේ ඉදිරිපස කාමරයේ නිදා සිටියදී මුළුතැන්ගෙයි තිබූ අඩි දෙකක් පමණ දිගැති මන්නය රැගෙන ගෙලට පහරදී ඇති බවට සැකකරුගේ ප්‍රකාශ වලින් තහවුරුවූ බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම් හසුන් හබයකින් මල්ලී අයියා මරයි