IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පෙම්වතිය මරා පෙම්වතාත් මැරෙයි

(නවරත්න සමරතුංග සහ දයානන්ද අධිකාරි)

කලකට පෙර පෙම්වතුන්ව සිට පසුව විවාහයට අකමැති වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ පෙම්වතා පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර පෙම්වතාද තියුණු ආයුදකයකින් ගෙළ කපාගෙන මියගොස් ඇතැයි පදියතලාව පොලිසිය කියයි.

දියණිය බේරා ගැනීමට ආ තරුණියගේ මව සහ පියා ද සැකකර තරුණයාගේ පිහි පහර කා රෝහල් ගත කර ඇත.

තුවාල ලබා සිටි තරුණියගේ මව සහ පියා මහඔය රෝහලටත් එතැනින් පදියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා මඩකළපුව රෝහලට මාරු කර යවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල බව ද එම රෝහල් ප්‍රකාශකයා කියා සිටියේය.

ඝාතනයට ලක්ව ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ තනුජා උදයංගනි 23 නැමැත්තියකි. ඇය මරංගල” දොරකුඹුර” පදියතලාව ලිපිනයේ පදිංචිකාරියකි.

තරුණිය ඝාතනය කිරීමෙන් අනතුරුව සියදිවි නසාගත්තේ යැයි සැකකරන තරුණයා මොණරාගල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වෙන වීරසිංහ දවුන්ධරයාලාගේ සුමිත් හේමින්ද 23 නැමැත්කෙකි. ඔහු මොනරාගල ප්‍රදේශයේ බේකරියක සේවය කරන්නෙකු බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (4)

පෙම්වතිය මරා පෙම්වතාත් මැරෙයි

maalaka Wednesday, 23 July 2025 07:28 AM

මේවා වාර්තා කරද්දී පරිස්සමෙන් කරන්න

:       0       16

Bunny Preena Wednesday, 23 July 2025 08:52 AM

කොහොමද ඔප්පු කරන්නේ. වෙන කවුරුහරි දෙන්නගෙම බෙල්ල කපලා භාවිතා කළ පිහිය හෝ ආයුධය පෙම්වතාගේ අතේ දාලා ගිහිල්ලා තිබුනොත් , සැලසුම් සහගතව කරන ලද මනුෂ්‍ය ඝාතන දෙකක් විය හැකිය. මෙවන් මරණ සම්බන්ධව එහෙම තොරතුරු ලැබුණු පලියටම ඉක්මනින් අවසන් නිගමන වලට එළඹෙන එක එතරම් හොඳ දෙයක් නෙමෙයි

:       3       23

ගුණරත්න Wednesday, 23 July 2025 12:01 PM

අධිකරණ වෛද්‍යවරුන්ට පුහුණුවක් තිබෙනවා කැපුම් තුවාල හඳුනා ගන්න, ඒවායේ රටාව හැඩය අනුව කපා තිබෙන්නේ බාහිර අයෙක්ද තමා විසින්ම කරගත් එකක්ද? වමත් දකුණත්කරුවක්ද යන දේවල් කියන්න පුළුවන්. කොහොම වුණත් මේවා වාර්තා කරද්දී සියදිවි නසාගෙන හෝ මල සිරුරු හමුවුණා කියලා ලිව්වාම ඇති, කරගත් විදිය දාන්න හොඳ නැහැ...

:       1       12

fairoos Wednesday, 23 July 2025 06:37 PM

මෙහෙමත් නරුමයෝ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 356 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1635 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site