(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය.)
නිවසකට හොර රහසේ ඇතුළු වී දේපොළ සොරා ගෙන යෑමක් සම්බන්ධයෙන් පැමිණිල්ල සටහන් කිරීමේදී සොරාගත් දේපොළ වල සැබෑ වටිනාකම සඳහන් නොකර පැමිණිල්ල ලියා ගත් බව කියන මොනරාගල, මැදගම පොලිසිය රාජකාරි කරනකාන්තා උප පොලිස් පරීක්ෂකවරියකගේ වැඩ තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වාමෙම උප පොලිස් පරීක්ෂකවරියගේ වැඩ තහනම් කර ඇත.
මැදගම පොලිස් වසමට අයත් අයිවෙල,සේනාපති ප්‍රදේශයේපදිංචි අයෙකු ගේ නිවසට සොරෙකු ඇතුළු වීදේපොළ සොරා ගැනීම සම්බන්ධයෙන් ඔහු විසින් මැදගම පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පැමිණිල්ල කාන්තා උප පොලිස් පරීක්ෂකවරිය ලියා ගැනීමේදී රුපියල් 125,000ක් වටිනා කාන්තා නිමි ඇඳුම් සහරුපියල් 25,000 වටිනා වීදුරු භාණ්ඩ වල එමවටිනාකම සඳහන් නොකරමින්පැමිණිල්ල ලියා ගෙන ඇති බව කියමින් මෙම වැඩ තහනම සිදුකළ බව එම ජේෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල සහකාර පොලිස් අධිකාරී වරයෙකු ගේ පූර්ණ අධීක්ෂණය යටතේ තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැමිණිල්ල හරි හැටි නොලියූ ඩබ්ලිව්.එස්.අයි.ගේ වැඩ තහනම්
Bamunuarachchi Thursday, 27 July 2023 10:50 PM
ෂුවර් එකටම හොරුන්ගෙන් කොමිස් ලැබෙනවා අති.