(ඉන්දිකා රාමනායක)
මිරිහාන පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රන් භාණ්ඩ පැමිණිලි කරුවකු වෙත මුදා නොහැර මහරගම සහ නුගේගොඩ උකස් මධ්‍යස්ථාන වෙත උකස්කර. මුදල් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.
සැකකරු සිද්ධියෙන් පසු පොලිස් සේවය අතහැර අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම සැකකාාර උප පොලිස් පරීක්ෂක මිරිහාන පොලිසියේ නඩු භාණ්ඩ කාමරයේ භාරව කටයුතු කර ඇති අතර, එහි තිබු පැමිණිලි කරුවකුට අයත් රන් භාණ්ඩ එම පැමිණිළිකරුට මුදා හරින ලෙසට නුගේගොඩ අධිකරණය මගින් 2023 .7.31 දින නියෝග කර තිබියදීත් උප පොලිස් පරීක්ෂක එම භාණ්ඩ පැමිණිලිකරුට මුදා හැර ඒවා මෙලෙස උකස් තබා මුදල් ලබාගෙන, පොලිස් සේවයේ ද අතහැර ගොස් ඇති බව පොලිසිය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැමිණිලිකරුගේ රන් භාණ්ඩවලට විද්ද එස්.අයි මාට්ටු
abaran Sunday, 17 September 2023 03:18 PM
අපේ රටේ තිබුණු කීර්තිමත් පොලිස් සේවයට වෙච්චි දෙයක්. මේ වගේ හොරා පොලිස් කතා කීයක් නම් දවසකට ඇහෙනවාද? නික්සන් පැලැස්තර විසඳුම් නෙවෙයි, අපේ පොලිස් සේවය පුර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්කිරීම වහාම කළයුත්තකි...
Bunny Preena Monday, 18 September 2023 09:45 AM
මෙවැන්නන් තමා සේවය කළ ආයතනවල කීර්ති නායමට සිදු කරන්නේ බරපතල හානියක්. සිර දඬුවම්වලට අමතරව මෙවැනි ක්‍රියා කරන අයගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි.