IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පිපාසයෙන් සිටින ජනතාවට සහන සලසන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වියළි කාලගුණ තත්වය හේතුවෙන් රට පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව උග්‍ර  පානීය ජල ප්‍රශ්නයට මුහුණදී සිටින හෙයින් ඒ ජනතාවට කඩිනම්  සහන සලසන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසූවේ  ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

නියඟය හේතුවෙන් වගාවන්ට සහ සත්ත්ව පාලනය සඳහා ජලය ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. විදුලි ජනනය සඳහා ජලය ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.  වන සතුන්ටද  පානීය ජලය ලබා ගැනීමට නොහැකිවීමෙන් විවිධ ගැටළු මතු වී තිබෙනවා. තෘණ භූමි විනාශ වී යෑමෙන්  සතුන්ට ආහාර හිඟයක් ඇති වී තිබෙනවා. ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් විදිහට මම මෙය ඉදිරිපත් කරනවා.

දැනට පානීය ජල හිඟයක් පවතින ප්‍රදේශ කවරේද. ජල හිඟය  වැලැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්ද. ඉදිරියේදී ජල හිඟය වැලැක්වීමට රජය ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද.

ගිං කළු නිල්වලා ව්‍යාපෘතියට අත්වූයේ කුමක්ද. වගා විනාශ වූ උඩවලවේ ගොවීන්ට රජය ලබාදෙන සහන මොනවාද. මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුදල් ප්‍රශ්න තිබෙනවා නම් සීනි බදු   වංචාවට සම්මාදම් වූ අය නීතිය හමුවට ගෙනවිත් ඒ  බිලියන 15ක  මුදල සොයා ගන්න  පුළුවන්.ඊට පස්සේ  වගා වන්දි දෙන්න ඒ මුදල යොදාගන්න පුළුවන්. වී මිල ගැන අද ඇමතිතුමාට සතුටු වෙන්න පුළුවන්ද.



අදහස් (1)

පිපාසයෙන් සිටින ජනතාවට සහන සලසන්න

Nimal Tuesday, 22 August 2023 05:06 PM

සජිත් පරණ අතීතය ගැන කතා කිරීමෙන් පලක් නොමැත. වගකිවයුතු විපක්ෂයක් වශයෙන් රජයට සහයෝගය දක්වන්න, පාර්ලිමේන්තුවේ කතා පෙට්ටියක් වූ පමණින් මහජනතාවගේ ගැටළු විසඳීමට නොහැකියි. විසදුම් අවශ්‍ය බව පාර්ලිමේන්තුවේ කියා සිටියද විසඳුම් මොනවාද කියා විපක්ෂ නායක ප්‍රකාශ කරන්නේද නැත. මේ නියඟය මතින් දේශපාලන වාසි ලබාගැනීමේ මෝඩ, පහත් දේශපාලන ක්‍රියාව දැන්වත් නවත්වා රටේ පුරවැසියන්ගේ මූලික අවශ්‍ය තත්වයන් වෙනුවෙන් විසඳුම් ලබාදීමට හෝ ඔබගේ විසඳුම් ඉදිරිපත් කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site